Home » පාසල් 10,126ම සුහුරු පාසල් කරමින් ඉංග්‍රීසියෙන් ඉගැන්විය යුතුයි

පාසල් 10,126ම සුහුරු පාසල් කරමින් ඉංග්‍රීසියෙන් ඉගැන්විය යුතුයි

by Mahesh Lakehouse
October 28, 2023 12:33 am 0 comment

පාසල් 10,126ම සුහුරු පාසැල් කරමින් ඉංග්‍රීසි භාෂාවෙන් ඉගැන්වීම සිදුකළ යුතු බව විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, උඳුගොඩ අර්ෆා විදුහලේ දී පැවසීය. ඇත්ත කතා කරන්න තමා බය නැති නිසා අපේ රටේ අධ්‍යාපනය සිදුවිය යුත්තේ ඉංග්‍රීසියෙන් යැයි පැවසීමට සෙසු පුද්ගලයන් මෙන් තමා බිය නොවන බව ද හෙතෙම පැවසීය. බංකොලොත් රටේ මේ මොහොතේ හෝ ලොව දිනන පුරවැසියන් බිහි කරන ගමන ඇරැඹිය යුතු බව ද විපක්ෂ නායකවරයා වැඩි දුරටත් අවධාරණය කර තිබේ. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස කියා සිටියේ තමා සුහුරු රටක් ගොඩනැඟීම වෙනුවෙන් කැප වෙන බවත් මේ වෙනුවෙන් රටේ අධ්‍යාපන ක්‍රමය නවීන තාක්ෂණය පදනම් කරගත් සුහුරු අධ්‍යාපන ක්‍රමයක් විය යුතු බවත්ය.

වජිර ලියනගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division