වාහන මඟින් සිදුවන කාබන් විමෝචනය හරිතකරණය හරහා සමපාතකරණයක් සිදු කිරීමෙන් තිරසර පරිසරයක් ගොඩනැංවීම අරමුණු කරගෙන mymech ඩිජිටල් app එක ඕනෑම ජංගම දුරකතනයකට බාගත කරගන්නා සෑම අවස්ථාවක දී ඊට සමගාමීව ගසක් සිටුවීමේ ව්‍යාපෘතියක් රොටරි ශ්‍රී ලංකා සමඟ එක්ව mymech විසින් පසුගිය මස 12 වැනිදා ආරම්භ කළේය.
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය (ICTA) මඟින් ක්‍රියාත්මක වූ ,”Spiralation” වැඩසටහනේ ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය වූ mymech හි අරමුණ වන්නේ කාර් රථ හිමිකරුවන්ට පහසු විශ්වසනීය අයුරින් සිය වාහන අලුත්වැඩියාව කරගැනීමේ කාර්මික ශිල්පීන් ඩිජිටල් අවකාශයක් තුළින් සොයාගැනීමේ පහසුව ඇති කිරීමය. Mymech යනු කාර් රථයේ ඇතිවන ඕනෑම අවස්ථාවක ඇතිවන ඕනෑම කාර්මික හෝ නඩත්තු අවශ්‍යතාවයකටම වඩාත් ගැළපෙන තාක්ෂණික කාර්මිකයාව පහසුවෙන් සොයා ගැනීමේ අවකාශය සලසන ඉතා පහසුවෙන් භාවිත කළ හැකි යෙදවුමකි.