ලොව ප්රමුඛ රාජ්‍ය වෛද්‍ය විශ්වවිද්‍යාලයකින් වෛද්‍ය උපාධිය හිමිකර ගැනීම තරුණ තරුණියන්ගේ ජීවිතයේ විසල් සිහිනයකි. දැරිය හැකි සාධාරණ පිරිවැයකින් තම දරුවාගේ ඒ සිහිනය සැබෑ කර දිය හැකි නම් එය මවුපියන්ට ද මහත් අස්වැසිල්ලකි. සිසුන්ගේත් මවුපියන්ගේත් එකී සිහිනය සැබෑ කර දිය හැකි වෛද්‍ය විශ්වවිද්‍යාලයක් ලෙස Kursk රාජ්‍ය වෛද්‍ය විශ්වවිද්‍යාලය හැඳින්විය හැකිය. Kursk වෛද්‍ය විශ්වවිද්‍යාලය ලොව අග්‍රගණ්‍ය රාජ්‍ය වෛද්‍ය විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් අනුව ලොව ප්රමුඛ විශ්වවිද්‍යාල දහස අතරට ඇතුළත් වනවා පමණක් නොව, WFME (World Federation for Medical Education)හි පූර්ණ පිළිගැනීමක් ඇති රාජ්‍ය වෛද්‍ය විශවිද්යාලයකි. එමෙන්ම Kursk රාජ්‍ය වෛද්‍ය විශ්වවිද්‍යාලය ලොව අග්‍රගණ්‍ය විශ්වවිද්‍යාල ලැයිස්තුවේ මුල් 10 අතර සිටී.
මෙවර ERPM විභාගයේ (වෛද්‍ය සභාව විසින් පවත්වනු ලබන විශේෂ විභාගය) කුසලතා ලයිස්තුවට අනුව ඉහළම ලකුණු ලබා ගත් ප්‍රමුඛයන් අතර වැඩිම සංඛ්‍යාවක් Kursk රාජ්‍ය වෛද්‍ය විශ්වවිද්‍යාලයෙන් බිහිව ඇති අතර, එය එම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය අධ්‍යාපනික ප්‍රමිතිය හා ගුණාත්මක බවට මනා නිදර්ශනයකි. මෙවර උසස් පෙළ ප්‍රතිඵල අනුව C2, S1 සම්මාන දෙකක් හා සාමාන්‍ය සාමාර්ථයක් ලබා ඇති සිසුන්ට විශ්වවිද්‍යාලයේ ලියාපදිංචිය ලැබිය හැකි අතර, ලොව වෙනත් රටවල වෛද්‍ය උපාධිය සඳහා යන වියදමෙන් 1/3 පිරිවැයකින් මෙහි වෛද්‍ය උපාධිය නිමා කළ හැකිය.
Kursk රාජ්‍ය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ පෙබරවාරි, සැප්තැම්බර් වශයෙන් අධ්‍යයන වාර දෙකක් ක්‍රියාත්මක වන බැවින් වාරයකට දෙවරක් වෛද්‍ය උපාධිය සඳහා ඉල්ලුම් කළ හැකි අතර, 2023 සැප්තැම්බර් අධ්‍යයන වාරයට විදෙස් වෛද්‍ය උපාධියට යොමු නොවූ දරුවන්ට එය සතුටුදායක පුවතක් වනු ඇත.
Kursk රාජ්‍ය වෛද්‍ය විශ්වවිද්‍යාලය සඳහා ශ්‍රී ලාංකික සිසුන් යොමු කිරීමේ එකම නියෝජිතයා නුගේගොඩ REC Campus ආයතනය වේ. එබැවින් විදෙස් වෛද්‍ය අධ්‍යාපනයට යොමුවන සිසුන්ට සහ ඔවුන්ගේ මවුපියන්ට ඒ පිළිබඳ මනා අවබෝධයක් ලබාදීමේ අරමුණෙන් Kursk රාජ්‍ය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ බලධාරීන් සමඟ සම්බන්ධ වීමට 2023 නොවැම්බර් 5 වැනිදා පෙරවරු 10.00ට අවස්ථාවක් සලසා දී ඇත.
එම සම්මන්ත්‍රණයට සහභාගි වන සිසුන්ට ලියාපදිංචි වන අවස්ථාවේදී සේවා ගාස්තුවෙන් ඩොලර් 500ක විශේෂ අඩු කිරීමක් හිමිවේ. වැඩි විස්තර සඳහා www.reccampus.com වෙබ් අඩවියට පිවිසිය හැකිය.