ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රියතම චොක්ලට් සන්නාමය වන රිට්ස්බරි, දිගු කාලයක සිට රටේ තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිමත් කිරීමේ මෙහෙවරට උර දෙමින් උතුරු නැෙඟනහිර පළාත්වල යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවනගේ දක්ෂතා කරළියට ගෙන ඒමට අවස්ථාව සලසා දී මෙවර ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා තරගාවලිය යාපනයේ දොරේ අප්පා ක්‍රීඩාංගණයේදී පැවැත්විය.
උතුරු හා නැෙඟනහිර පළාත්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1,000 කට අධික පිරිසක් සහභාගි වූ මෙම තරගාවලියේ සමස්ත බාලිකා ශූරතාව හිමි කරගන්නා ලද්දේ දෙහිඅත්තකණ්ඩිය ජාතික පාසල විසිනි. දෙවැනි ස්ථානය වල්ලුවාර්පුරම් භාරති විද්‍යාලය වෙත හිමි වූ තර, තුන්වැනි ස්ථානය වෙම්බාඩි කාන්තා විද්‍යාලයට හිමි විය. තරගාවලියේ බාලක ශූරතාව දිනාගන්නා ලද්දේ පල්ලෙයි මධ්‍ය මහා විද්‍යාලය විසිනි. ශාන්ත සේවියර් පිරිමි විද්‍යාලයට එහි දෙවැනි ස්ථානයද, මනිපායි හින්දු විද්‍යාලයට තුන්වැනි ස්ථානයද හිමි විය. තරගාවලිය අවසානයේදී තරගකරුවන්ට 51 වැනි රිස්ට්බරි ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට පිවිසීමේ අවස්ථාව හිමි විය.
මෙරට පාසල් ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම තරගාවලියක් ලෙස සැලකෙන මෙම තරගාවලිය සඳහා අනුග්‍රහකත්වය ලබාදීම තුළ පිළිඹිබු වන්නේ අඛණ්ඩව රටේ පාසල් මට්ටමේ ක්‍රීඩා කුසලතා වැඩිදියුණු කිරීම සඳහා රිට්ස්බරි සන්නමයේ කැපවීමයි.