Home » ස්ත්‍රියකගේ චරිතය ගැන කියන අඟහරු – චන්ද්‍රයා සහ පස්වැන්න

ස්ත්‍රියකගේ චරිතය ගැන කියන අඟහරු – චන්ද්‍රයා සහ පස්වැන්න

by sachintha
November 4, 2023 1:01 am 0 comment

ස්ත්‍රියකගේ චරිතය කැළැල් වන ග්‍රහ පිහිටීම්

කාන්තා කේන්දරයක රවිට හිමි ස්ථානයද වැදගත්

කාන්තා චරිතය ගොඩ නඟන්නේ අඟහරු

ස්ත්‍රියකගේ චරිතය මැනිය යුත්තේ අඟහරු, එසේම චන්ද්‍රයා සහ පස්වැන්න ගරු කොටගෙනය. එබැවින් ස්ත්‍රියකගේ චරිතය ගොඩනැඟීමට මූලික වශයෙන් වගකිවයුත්තා අඟහරුය. ස්ත්‍රීන් බොහෝ සෙයින් හැඟීම්වලට වහල් වන බැවින් සිතුම් පැතුම්වලට තාරකා අධිපති චන්ද්‍රයාද මෙහිදී සැලකිල්ලට ගත යුතුය. කිසියම් ග්‍රහයෙකු විසින් දුර්වලතාවකට පත් නොකරන ලද ශක්තිමත් චන්ද්‍රයා අඟහරුගේ අයහපත් බලපෑම්වලට එරෙහිව සටන් කරන අතර දුර්වල චන්ද්‍රයාගෙන් සිදු වන්නේ එම අයහපත් බලපෑම වැඩි වීමයි.

රවි ගෞරවයට සහ තරාතිරමට අධිපතියාය. එබැවින් කේන්දරයක රවිට හිමි ස්ථානයද වැදගත් සාධකයකි. දුර්වල වූ රවි නිසා කීර්තිය තරාතිරම විනාශ වන අතර යහපත් ස්ථානයක පිහිටි ශක්තිමත් රවි නිසා කීර්තිය සහ තරාතිරම වර්ධනය වන්නේය.

අඟහරු චන්ද්‍රයා සහ සත්වැන්න සෙනසුරු සහ රාහු සමඟ සංයෝගයෙන් හෝ දෘෂ්ටියෙන් හෝ සම්බන්ධ වූ කල්හි ස්ත්‍රියත් සිය චරිතය කැළැල් කරගන්නීය. එසේ වන්නේ අඟහරු චන්ද්‍රයා සමඟ සත්වැන්න යහපත් ග්‍රහයන්ගෙන් ආරක්ෂාව නොලබන විටය. ස්ත්‍රී කේන්දරයක රාහු දුර්වල වූ විට අඟහරු ඇගේ ලිංගික ආශාව වර්ධනය කරයි. එමෙන්ම බාල ඇය කෙරෙහි ලිංගික ආශාව ජනිත කරනු ලැබේ. රාහු පාප තත්ත්වයට පත්වූ විට හෝ දුර්වලතාවට පත් වූ විට හෝ ස්ත්‍රීන් අතිශයින්ම රාගාධික වන්නේය. එම දුර්වලත්වය වැඩි වන තරමට පිරිහීමද වැඩි වන්නේය.

ඉහත සඳහන් කරන ලද ග්‍රහයන් සහ රාශි පාප ග්‍රහයෙකු විසින් ඉතාම සමීප ස්ථානයක සිට දුර්වලත්වයට පත් කරනු ලබන නිසා තමා පිරිහීමට ඇති ඉඩකඩ බොහෝ සෙයින් වැඩිය.

වෘශ්චික සහ අටවැන්න පුද්ගලයෙකුගේ ලිංගික ආශාව පාලනය කරයි. එබැවින් වෘශ්චික රාශියේ සහ අටවැන්නේ ශක්තියද මේ කාරණයේදී සැලකිල්ලට ගත යුතුය. ඔවුන් පාප ග්‍රහයන් නිසා දුර්වල වූ කල්හි පුද්ගලයෙකුගේ ලිංගික ආශාව වර්ධනය වන්නේය. ඔවුන් යහපත් ග්‍රහයන් සමඟ සංයෝග වූ විට හෝ ඔවුන්ගේ දෘෂ්ටියට හසු වූ විට හෝ ලිංගික ආශාවන් හීන වන්නේය.

අපේ හැඟීම් පාලනය කරන්නේ සයවැන්නය. එබැවින් ලිංගික සහකාරයා පාලනය කරන රාශි සහ ග්‍රහයන් සමඟ සත්වැන්නාධිපතිට ඇති සම්බන්ධතාව මත ලිංගික ආශා වර්ධනය වන්නේය. රවිගේ කිරණින් අඟහරු දුර්වල වූ විට හෝ ග්‍රහ යුද්ධයකින් පරාජයට පත්වූ විට හෝ ස්ත්‍රියකගේ ලිංගික ආශා හීන කරන අතර සමහර විට ඇය සදහටම ලිංගික වශයෙන් උකටලී වීමට ද ඉඩ තිබේ.

එවැනි තත්ත්වයකදී ස්ත්‍රියකගේ ලිංගික ආශා මුළුමනින්ම විනාශ වීමට ඉඩ ඇත. දුර්වලතාවට පත් වූ අඟහරු සත්වැන්න සිටියදී එම සත්වැන්න පාපි ග්‍රහයෙකුට අධිපති රාශියක් වූ විට හා ශුභ ග්‍රහයෙකුගේ බැලීම හෝ සංයෝගය හෝ එයට නොලැබෙන විට භාර්යාවන්ගේ චරිතය සැක සහිත වේ.

සයවැන්න භාර්යාවගේ අනියම් ලිංගික සබඳතා පාලනය කරයි. සත්වැන්නාධිපති අශුභ ග්‍රහ බලපෑම සත්වැන්නාධිපති සමඟ හෝ පස්වැන්න සමඟ හෝ සබඳතා ඇති කරගත් විට එම ග්‍රහයෝ සහ රාශි ශුභ ග්‍රහයන් විසින් ආරක්ෂා නොකරනු ලැබ නම් බිරියට සොර සැමියන් සිටී. සයවැන්නෙහි පාප ග්‍රහයන් සිටින විටදී බිරිගේ ජීවිතයට සොර සැමියෙකුගේ සම්බන්ධය පෙන්නුම් කරනු ඇත.

 

ජ්‍යොතිෂවේදී සිසිර කුමාරසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division