Home » දරුවකුගේ ජයග්‍රහණයක් ගැන පණිවුඩය ගෙන එන කුකුළා

දරුවකුගේ ජයග්‍රහණයක් ගැන පණිවුඩය ගෙන එන කුකුළා

-නින්දේදී දකින සිහින ගෙනෙන පලාපල

by sachintha
November 4, 2023 1:04 am 0 comment

සිහිනෙන් දුටු දේ ගැන බොහෝ දෙනෙක් සිතන්නේ තමනට හෝ තම ඥාති හිතවතකුට ඉදිරි කාලයේ කුමක් සිදු වන්නේද යන්න සිතේ දෙගිඩියාවෙනි. එම නිසා සිහිනයක් දුටු විට ඇතැමුන් නොයෙක් දේ සිතති. සිහින පිළිබඳව ජ්‍යොතිෂයෙහිද විග්‍රහ කෙරේ. ඒ අනුව ඔබ – අප දකින සිහිනයන් පිළිබඳව මෙවර ද ජ්‍යොතිෂයෙහි සඳහන් ආකාරය විග්‍රහ කෙරෙන්නේ මෙලෙසිනි.

* තමන්ගේ සමීපතමයෙකු විසින් ඝණ්ටාරයක් නාද කරන ආකාරය සිහිනෙන් දැකීම – පවුලේ සමීපතමයෙකුට විපතක් සිදු වේ.

* තමන්ගේ පවුලේම ගැහැනු හෝ පිරිමි අයෙක් නොගැළපෙන පිළිකුල් සහගත විවාහ යෝජනාවක් ඉදිරිපත් කිරීම – පවුලේ මව හෝ වැඩිමහල් ස්ත්‍රියක් බලවත් ලෙස රෝගාතුර වේ.

* පූජ්‍ය පක්ෂයේ කෙනෙක් හඬ නඟා ගීත ගායනා කිරීම – ගමම කැළඹෙන තරමට බියකරු මරණයක් පිළිබඳව අසන්නට ලැබේ.

* මුලින් ඉදිරි වැටුණු පොල් ගසක් හෝ කිතුල් ගසක් – පවුලේ ප්‍රධාන සාමාජිකයෙක් හෝ සාමාජිකාවක සමාජයේ බලවත් නින්දාවට පාත්‍ර වේ.

* කුකුළෙකු හඬලන හඬ සිහිනෙන් ඇසීම – තමන්ගේ හෝ සමීපතම ඥාති දරුවකුගේ ජයග්‍රහණයක් අසන්නට ලැබේ.

* තම්බන ලද පිට්ටු හෝ පිට්ටු බම්බුවක් දක්නට ලැබීම – ඔබේ දෙපා හෝ කොඳු ඇට පෙළ ආශ්‍රිතව කිසියම් ආබාධයක් මතු වෙමින් පවතී.

* ප්‍රසිද්ධ පුද්ගලයෙක් තවත් කෙනෙකුගේ කොණ්ඩය කපන අයුරු – ශෝචනීය මරණයක් පිළිබඳව අසන්නට ලැබේ.

* කහ කුරුල්ලෙක් සහ කිරිල්ලියක් – යුග ජීවිතය කම්පා කරවන ආරංචියක් අසන්නට ලැබේ.

* රෝහලක් – තමන් බලාපොරොත්තුව සිටි විභාග ජයක් හෝ රැකියාවක් පිළිබඳ සුබ ආරංචියක් අසන්නට ලැබේ.

* විශාල ගිනි පන්දමක් දැල්වෙන අයුරු – මෙතෙක් පීඩා කළ චෝදනාවකින් ඔබ නිදොස් කොට නිදහස් වීම ස්ථීරය.

* ගලක් හිස මත හෝ කර මත තබාගෙන යන ස්ත්‍රියක් – ඔබට සෘජුවම බලපාන මාරක විපතක් ළඟදීම සිදුවනු ඇත.

* ගලක් හිස මත තබාගෙන හෝ කර මත තබාගෙන යන පුරුෂයෙක්- හදිසි ධන ලාභයක් හෝ වස්තු ලාභයක් ලැබීමට නියමිතය.

* අඹ ගසක් යට අඹ ගෙඩි වැටී තිබෙන අයුරු – රාජකාරී කරන විට ප්‍රවේශම් වන්න. රාජකාරි ස්ථානයේ සතුරෙක් ඔබට සතුරුකමක් කරන්නට සූදානමින් සිටී.

* ගසකින් තැඹිලි ඉත්තක් බිමට බාන ආකාරය – ඔබේ දෙපාවලට සම්බන්ධ බරපතළ ආබාධයක ආරම්භය විය හැකිය.

* ගැහැනු පිරිමි හඬමින් දුවන අාකාරය සිහිනෙන් දැකීම – හදිසි ධන ලාභයක්, ලොතරැයි ජයක් ලැබෙන්නටද පුළුවන.

* ඇඳුමකට ගිනි ඇවිළීම – සේවා ස්ථානයේ හෝ වෙනත් ප්‍රධානියෙක් සමඟ ගැටුම් ඇති වේ.

* තරාදියකින් බඩු කිරන ආකාරය – නඩුවක් සම්බන්ධයෙන් ඔබව සැනසෙන ආකාරයේ තීන්දුවක් ලැබේ.

* බිත්තර කටු ගොඩක් – ඔබ පිළිබඳ රහසිගත තොරතුරක් සමාජයට හෙළි වෙයි.

* වැටකේ පඳුරක් හෝ වැටකේ මුල් – බලු බළල් ආදී සතුන්ගේ සපා කෑමක් හෝ සර්ප දෂ්ටනයක් හේතුවෙන් ඔබට දුක් විඳින්නට සිදු වේ.

* ගෙදරට සිඟමන් පිණිස පැමිණි කෙනෙක් – ඔබේ ඇඟ මතට යමක් කඩා වැටීම හෝ ඔබ උසකින් වැටීම පෙන්වයි.

* කුරුලු කූඩුවක් – තම පවුලේ සාමාජික දැරියක වැඩිවිය පැමිණීමට ආසන්න කාලයකි.

* හිරමනයක් මත ඉඳගෙන සිටින කෙනෙක් – ඔබේ ජන්ම පත්‍රය පරීක්ෂා කරන්න. නරක දසාවක් ලබා ඇත.

* පාදයක් ආබාධිත පුරුෂයෙක් හෝ ස්ත්‍රියක් සිහිනෙන් දැකීම – සැකය මුල්කොට ගත් කාරණාවක් නිසා ගෙදර තත්ත්වය බරපතළ වේ.

* පොත් රාක්කයක් හෝ මේසයක් මත තිබෙන පොත් ගොඩක් – නින්දා සහගත අවමානයක් සමඟ ඔබට නීතිය ඉදිරියට යාමට සිදු වේ.

* විට කොටන වංගෙඩියක් හෝ විට කොටන කෙනෙක් – උත්සව අවස්ථාවකට ආරාධනා ලැබේ.

* නැදෑයෙක් හෝ හිතවතෙක් රසකැවිලි රැගෙන ගෙදරට පැමිණීම – ගෙදර මූලිකයා හෙවත් ගෘහ මුලිකයාට බරපතළ අනතුරක් සිදුවේ.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී

සුදත් රත්නායක

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division