991
අයවැය දෙවැනි වර කියවීමට අදාළ විවාදය නොවැම්බර් 14 වැනිදා සිට දින 7ක් පැවැත්වෙන අතර එයට අදාළ ඡන්ද විමසීම නොවැම්බර් මස 21 වැනිදා සවස 6 ට පැවැත්වීමට නියමිතය. වසර 2024 අයවැය ට අදාළ කමිටු අදියරේ විවාදය 22 වැනිදා සිට දින 19ක් පැවැත්වෙන අතර ඊට අදාළ ඡන්ද විමසීම දෙසැම්බර් 13 වැනිදා සවස 6ට පැවැත්වේ.
අයවැය කාල සීමාව තුළ පෙ.ව 9.30 සිට ප.ව 6 දක්වා විවාදය පැවැත්වීමට නියමිත අතර ඡන්ද විමසීම් පැවැත්වෙන දිනයන්හි හැර අන් සැම දිනකම ප.ව 6 සිට ප.ව 6.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ විවාදය පැවැත්වේ.