Home » පකිස්තානය සිරකරුවන් ද ඇතුළු දහස් සංඛ්‍යාත පිරිසක් ඇෆ්ගනිස්ථානයට පිටුවහල් කරයි

පකිස්තානය සිරකරුවන් ද ඇතුළු දහස් සංඛ්‍යාත පිරිසක් ඇෆ්ගනිස්ථානයට පිටුවහල් කරයි

by gayan
November 4, 2023 12:30 am 0 comment

නීතිවිරෝධී විදේශ සංක්‍රමණිකයන් මර්දනය කිරීම සඳහා රට පුරා දියත් කොට ඇති වැඩපිළිවෙළේ පළමු දිනයේදීම සිරකරුවන් 100ක් ඇතුළුව ලියාපදිංචි නොකළ ඇෆ්ගන් සරණාගතයන් 7,300කට වැඩි පිරිසක් ටෝර්කාම් ප්‍රවේශ මාර්ගය හරහා සිය මව්බිමට පිටුවහල් කිරීමට පකිස්තානය ක්‍රියා කළේය.
ලබා දී තිබූ මාසයක කාලසීමාව ඉකුත්ව යාමත් සමඟ, පාකිස්තානය ලියාපදිංචි නොකළ සංක්‍රමණිකයන්ට එරෙහිව බදාදා දිනයේ දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කළේ ය. එහිදී රටේ විවිධ ප්‍රදේශවල සැඟව සිටි පුද්ගලයන් සිය ගණනක් අත්අඩංගුවට ගනු ලැබීය. පකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසන අන්දමට ඔක්තෝබර් මස මුල සිට ඇෆ්ගනිස්ථානුවන් විශාල සංඛ්‍යාවක් ඇතුළුව අවම වශයෙන් විදේශිකයන් 140,322ක් ස්වේච්ඡාවෙන්ම ඔවුනොවුන්ගේ ගම් රටවල් බලා ආපසු පැමිණ ඇති බවයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division