න්‍යෂ්ටික අවි අත්හදා බැලීම් තහනම් කිරීමේ ගෝලීය ගිවිසුම අනුමත කිරීම රුසියාව විසින් ඉල්ලා අස්කර ගනිමින් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අදාළ නීතියට අත්සන් කළේය. රුසියාවේ මෙම තීරණය පිළිබඳව අමෙරිකා එකසත් ජනපදය සිය බලවත් කනස්සල්ල පළ කර සිටිය ද, රුසියාවේ තීරණය අපේක්ෂා කළ යුත්තකි. 1962 කියුබානු මිසයිල අර්බුදයෙන් පසු දෙරට අතර වොෂිංටනය නව බහුධ්‍රැවවාදී ලෝක පර්යායක නැඟී ඒම වැළැක්වීමට උත්සාහ දරන බවට සැකයක් මොස්කව් පාලනයට පවතී.
අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ “රුසියාවේ ක්‍රියාව ජාත්‍යන්තර අවි පාලන තන්ත්රය කෙරෙහි විශ්වාසය බිඳ දැමීමක්” බවයි.
අමෙරිකා එක්සත් ජනපදය 1996 දී CTBT හෙවත් න්‍යෂ්ටික අවි සපුරා තහනම් කිරීමේ සම්මුතියට (Comprehensive Nuclear Test Ban Treaty) අත්සන් තැබූව ද, එරට සෙනෙට් මණ්ඩලය ඊට අනුමැතිය ලබා නොදුන්නේ ය. නවතම තීරණයත් සමඟ තමන් ද අමෙරිකා එක්සත් ජනපදය සමග සමතැන ගන්නා බව මොස්කව් පාලනය කියයි.
දේශගුණික අර්බුදයෙන් ආරක්ෂා වීමට ගෙන ඇති ක්‍රියාමාර්ග ‘කිසිසේත් ප්‍රමාණවත් නෑ’, එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවයි.
උෂ්ණ තරංග, ගංවතුර සහ නියඟයෙන් ජනතාව ආරක්ෂා කරගැනීමට ජාත්‍යන්තර අරමුදල් ලැබී ඇත්තේ අවශ්‍ය ප්‍රමාණයෙන් 5-10%ක් පමණක් බව නවතම වාර්තාවක් හෙළි කරයි.
දැනටමත් ලොව පුරා බිලියන සංඛ්‍යාත ජනතාවක් බැට කෑමට ලක්ව සිටින දේශගුණික අර්බුදයේ තීව්ර වන බලපෑම් හමුවේ ලෝකය “ඛේදජනක ලෙස” කිසිදු සූදානමක පසු නොවන බව එක්සත් ජාතීන්ගේ වාර්තාවක් දැඩි ලෙස අනතුරු අඟවා තිබේ. උෂ්ණ තරංග, ගංවතුර සහ නියඟවලින් ප්‍රජාවන් ආරක්ෂා කිරීම සඳහා ජාත්‍යන්තර අරමුදල් ලැබී ඇත්තේ අවශ්‍ය ප්‍රමාණයෙන් 5-10%ක් වන අතර, ආන්තික කාලගුණික තත්ත්වයන් පෙරටත් වඩා මානව සමාජයට දරුණු ලෙස බලපෑම් එල්ල කරමින් සිටී. එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන (UNEP) වාර්තාව තක්සේරු කර ඇති අන්දමට මෙම දශකයේ පමණක් දුප්පත් සහ අවදානමට ලක්විය හැකි රටවලට දේශගුණික අනුවර්තනය සඳහා වසරකට ඩොලර් බිලියන 215 ත් 387ත් අතර මුදලක් අවශ්‍ය වනු ඇත. කෙසේ වෙතත්, අවාසනාවකට මෙන්, 2021 දී එම අරමුදල් 15%කින් – එනම් ඩොලර් බිලියන 21 ක් දක්වා පහත වැටී ඇති බව වාර්තාව පෙන්වා දෙයි.
ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමෙන් සිදුවන බලපෑම් අවම කර ගැනීම සඳහා ලොව දිළිදු රටවලට 2025 වන විට ඩොලර් බිලියන 40 ක් ලබා දීමට ධනවත් ජාතීන් 2021 දී ග්ලැස්ගෝ හි පැවති එක්සත් ජාතීන්ගේ දේශගුණ සමුළුවේදී ප්‍රතිඥා දුන්නේය. කාබන් විමෝචන සීමා කිරීම සහ දේශගුණික බලපෑම් වලින් ජනතාව ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය අනුවර්තන පියවර සැපයීම නොවැම්බර් 30 වන දින එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වන කොප් 28 සමුළුවේ ප්රමුඛතාවකි.
යූඑන්ඊපී වාර්තාව තම නිගමනයේ මෙසේ සඳහන් කරයි: “වර්තමාන දේශගුණික ක්‍රියාමාර්ග පැරිස් ගිවිසුමේ ප්‍රකාර උෂ්ණත්වය සහ අනුවර්තනය වීමේ ඉලක්ක සපුරාලීමට ඛේදනීය ලෙස ප්‍රමාණවත් නොවේ.” පසුගිය දශක දෙක තුළ වඩාත්ම දේශගුණික අර්බුදයේ වැඩිම අවදානමට ලක්ව ඇති රටවල් 55 පමණක් ඩොලර් බිලියන 500 කට වඩා වැඩි හානියක් අත්විඳ ඇති බව එම වාර්තාව පවසයි: “මෙම පිරිවැය ඉදිරි දශකවලදී, විශේෂයෙන්ම විමෝචන දැඩි ලෙස සීමා නොකෙරෙන තත්වයක් තුළ තවදුරටත් ඉහළ යනු ඇත.”