ශ්‍රී ලංකා සත්කාරක ක්ෂේත්‍ර උපාධිධාරී සංගමයේ (SLHGA) 52 වන වාර්ෂික මහා සභා රැස්වීම, ඔක්තෝබර් මස 06 වැනි දා, අනන්තරා කළුතර රෙසෝට් හිදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.
ආයතනික නායකයන්, ව්‍යාපාරික ලෝකයේ බුද්ධිමතුන්, සාර්ථකත්වයට පත් හෝටල් සාමාන්‍යාධිකාරිවරුන් හා හුරුපුරුදුකම් ලද කර්මාන්තයේ වෘත්තිකයන්, ක්ෂේත්රයේ කීර්තිමත් වෘත්තීය විශිෂ්ටයන්, මිතුරන් සහ එම පවුල්වල සාමාජිකයන් මෙම අවස්ථාවට එක්විය.
වර්ෂ 1971 දී ආරම්භ වූ SLHGAසංගමය, ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරන ආයතනයේ ආදි විද්‍යාර්ථින්ගේ සංගමයන් වන අතර, රටෙහි හෝටල්කරුවන් සඳහා වන විශාලතම වෘත්තිය සංවිධානය ලෙස නැඟී සිටිමින්, දිවයින පුරා විහිදුණු 1500කට වැඩි සාමාජික ප්‍රජාවක් සඳහා සාමාජිකත්ව පදනමක් වෙමින් මිළ කළ නොහැකි සහාය ලබා දේ.