Home » NVQ සහතික ලැබීමට මෙල්වා වෙතින් වැඩමුළු

NVQ සහතික ලැබීමට මෙල්වා වෙතින් වැඩමුළු

by gayan
November 18, 2023 12:30 am 0 comment

ශ්‍රී ලංකාවේ වානේ කම්බි නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන මෙල්වා සමාගම විසින් ශ්‍රී ලංකාවේ ඉදි කිරීම් කර්මාන්තයේ නියැළී සිටින මේසන් සහ වෙල්ඩින් ශිල්පීන්ගේ වෘත්තීය කුසලතා ඉහළ නැංවීමේ අරමුණින් සහ ජාතික වශයෙන් පිළිගත් NVQ තෙවැනි මට්ටමේ සුදුසුකම හිමි කර දීමේ අරමුණින් විශේෂ පුහුණු වැඩසටහන් දෙකක් අම්පාර සහ සයින්දමරුදු ප්‍රදේශවලදී ඉකුත් දා පවත්වන ලදී.

මෙම වැඩමුළු සඳහා 300කට අධික මේසන් සහ වෙල්ඩින් ශිල්පීහු සහභාගී වූ අතර එහිදි ඉදි කිරීම් කටයුතු නිවැරැදි තාක්ෂණය යොදා ගනිමින් වානේ කම්බි සහ GI බට භාවිත කරන අයුරු සහ මෙල්වා සමාගම මෑතකදී හඳුන්වා දුන් වෙල්ඩින් කූරු නිවැරදිව භාවිත කරන ආකාරය පිළිබඳ දැනුම්වත් කරන ලදී. වැඩමුළුවට සහභාගී වූ සියලු‍ දෙනාටම මෙල්වා සමාගම විසින් වටිනා සහතිකයක්ද , තෝරා ගත් කණ්ඩායමකට ජාතික වෘත්තීය පුහුණු අධිකාරිය පිරිනමන NVQ තෙවැනි මට්ටමේ ජාතික සහතිකය හිමි කර ගැනීමට අවශ්‍ය පුහුණු සහ මූල්‍ය දායකත්වය හා මෙම වැඩමුළුව සදහා සහභාගී වූ සියලු‍ම මේසන් සහ වෙල්ඩින් ශිල්පීන්ට වටිනා උපකරණ කට්ටලයක් ද මෙල්වා සමාගම විසින් පිරිනමන ලදී.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division