Home » MAS හෝල්ඩිංග්ස් photon දෙවන අදියර එළිදක්වයි

MAS හෝල්ඩිංග්ස් photon දෙවන අදියර එළිදක්වයි

by gayan
November 18, 2023 12:30 am 0 comment

MAS හෝල්ඩිංග්ස් සමාගම විසින් 2017 වසරේ ආරම්භ කළ Photon නමින් හැඳින්වෙන ව්‍යාපෘතිය හරහා සමාගමේ වහලය මත සවි කළ ප්‍රකාශ වෝල්ටීයතා (PV) සූර්ය විසඳුම් කේතයේ දෙවන අදියර අවසන් බව නිවේදනය කරයි.

මෙම ව්‍යාපෘතියේ අදියර දෙකම වෙනුවෙන් MAS විසින් USD මිලියන 16ක සම්පූර්ණ ආයෝජනයක් කර ඇත.

අද Photon ව්‍යාපෘතියට ලෝකයේ ඕනෑම තැනක ඕනෑම පරිමාණයකින් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති භාර ගත හැකි තරම් නිපුණතාවකින් හෙබි තමන්ගේම පළපුරුදු සූර්ය බලශක්ති ඉංජිනේරු කණ්ඩායම් සිටි.

MAS Photon ව්‍යාපෘතියේ සම්පූර්ණ වහල මත සවිකළ සූර්ය බලශක්ති උත්පාදන ධාරිතාව 23.7 MW වේ. MAS ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පරිවර්තනය කරන සමාගමක් ලෙස සිය ස්ථාවරය ශක්තිමත් කරමින් සිටී. කාබන් විමෝචනය අඩු කිරීමට MAS හි කැපවීම, එහි පුළුල් තිරසර උපාය මාර්ගයක් වන MAS Plan for Change සැලැස්මෙහි කොටසකි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division