– යන්ත්‍රයක් සකස් කරද්දී කළ යුතු වත්පිළිවෙත්
– මන්ත්රවල මූලික සොයා ගැනීම් කවර කාලයකදැයි සිතා ගැනීම අපහසුයි
– මන්ත්‍ර ශබ්දය හැඳින්වෙන්නේ සිතේ ශක්තිය ලෙසයි
ජ්‍යොතිෂය සහ ශාන්තිකර්ම එකට බැඳුන එක්තරා සුවිශේෂි ‘මානසිකමය’ ගනුදෙනුවකි. මෙහි විද්‍යාත්මක පැවැත්මක් ද අන්තර්ගතවී ඇත්තේය. පිඹගලා තන්ත්රයේ දැක්වෙන පරිදි මන්ත්‍ර ශබ්දය මන්නත්රාණ (සිතේ ශක්තිය) යැයි හඳුන්වා දී ඇත. සිද්ධ, සාධ්‍ය, සුසිද්ධ, අරි යැයි මූලික බෙදීම් සතරකි.
මන්ත්රවල මූලික සොයා ගැනීම් කවර කලකදී දැයි විනිශ්චය කළ නොහැක. ගෞඩපාද සූත්‍ර ටීකා ග්‍රන්ථවල පද්ම, කර්තරී, සුචි, මුද්ගර, වීජ, මූෂලස මාතෘතීය, පල්ලව, රොඨ, ආග්නේය, සෞම්‍ය වැනි මන්ත්‍රයේ දහස් සංඛාතයි. විෂ්ණු හා දුර්ගාතොමෝ අධිපතිත්වය දරයි. මන්ත්‍ර බලයෙන් කළ හැකි කොටස් අටකි. වශීකර්ම, ආකර්ෂණ, මෝහන, ස්තම්භන උද්වේෂණ, මාරණ, උච්ඡාඨන ආප්යා යන නම්වලින් හැඳින්වේ.
තවද මන්ත්රවල දෝෂ 56කි. ජනන, ජීවන, තාඩන, බොධන, අභිෂේක, විමලීකරණ, ආප්යායන, තර්පණ, දීපන, ගුප්ති යන සිද්ධි මන්ත්‍රයන්ය. ලග්න දොළොස සහ නවග්‍රහයින්ගේ ගුණකය 108කි. 1000 වර හෝ ඊට වැඩි වාර ගණනක් ජප කර ගැනීමෙන් බලශක්තිය ආරෝපණය වේ. ප්‍රාණ පලිප්පු පුට සිද්ධි යන මේවා ද සම්බන්ධිතයි. රන්, රිදී, තඹ සහ ලෝහ පත්‍රවල නියමිත ප්‍රමාණයට ගත් පත්‍රයක් ද්විත්ව ඉරි නොකැපෙන සේ ඇඳ ගැබ් තුළ අක්ෂර පිහිටුවා ඊට අදාළ මන්ත්‍රවලින් ජප කර ගනු ලැබේ.
ශාස්ත්‍රානුකූලව රන්, රිදී හෝ තඹ වැනි පත්‍රයක හෝ භූජ තල් කොළ පුස්කොළයක යන්ත්‍ර ඇඳගත යුත්තේ ක්‍රමවත්වය. මෙය ඉතා භාරදූර කාර්යයකි. යන්ත්‍රය පලඳින්නාට සුදුසු ඔහුගේ ජන්ම නැකත, යෝගය, සුබ නැකතකින් යන්ත්‍රයේ පත් බිඳීම ආරම්භ කර නියමිත පූජා ද්‍රව්‍ය පූජාසනයේ තබා ප්‍රාණ පලිප් දිෂ්ටි සහ පුට වැනි ක්‍රම උපයෝගි කරගෙන ඉතාම සුබ හෝරාවකින් ආතුරයාට යන්ත්‍රය පලඳවද්දී මන්ත්‍ර උච්චාරණය කරමින් පැලඳිය යුත්තේය. අති පාරිශුද්ධ මානසිකත්වයෙන් යුක්තව සිටිය යුතු අතර යන්ත්‍රයක් ඇඳ ජපකර ගත යුතු වේ. මුදලටම වහල් නොවිය යුතුය. එදා මෙන් නොව වත්මනෙහි යන්ත්‍රයක් ක්‍රමවත්ව ඇඳ ජීවම් කිරීම අතිශයින්ම දුෂ්කර කටයුත්කති.
යන්ත්‍ර මන්ත්‍ර ගැබ්වී ඇති ගුප්ත විද්‍යාවේ ඇතුළත විද්‍යාත්මක සංසිද්ධියක් අන්තර්ගත වී තිබේ. සිරුර තුළ ඊයම් සහ රසදිය හැර අන් සියලුම ලෝහ වර්ග ගැබ් වී ඇත. රන්කරුවා රත්ත්රං නවන්නේ තඹ ලෝහය ආධාරයෙනි. රිදී ද එක්තරා ප්‍රමාණයක් මිශ්‍ර කර ඇත.
තඹ පත්‍රයේ කෑල්ලක් අල්ල තුළ තබා අතමිට මොළවාගෙන තත්පර කීපයක් සිටීමෙන් සිරුර තුළ ඇති රත්ත්රං නම්‍යශීලීව ක්‍රියාත්මක තත්ත්වයට පත්වේ. ඊයම් තබා ගැනීමෙන් විෂ හට ගනී. පැරණි කාලයේ මුද්‍රණයට අකුරු ඇමිණීමේ යෙදුණ විට ඊයම් මිශ්‍ර නිසා ආහාර ගැනීමට නියම කර තිබුණේ මේස හැන්දකිනි. තඹ පත්‍රයක පුරස්ථාර ක්‍රමවත්ව පන්හිඳෙන් ඇඳ ගැබ් තුළ නියමිත අක්ෂර මන්ත්‍ර පේළි ගල්වා ජීවම් කර පැලඳීමෙන් සිදුවන මූලිකම කරුණ නම් තඹ රත්ත්රං සමඟ සංයෝග වී වහා ක්‍රියාත්මක වීමය. සමහර අයට රත්ත්රං විෂ වීමට ද ඉඩ තිබේ. රන් ආභරණ ශිල්පීන්ට සිරුර තුළ අසාධ්‍ය රෝග හට නොගනී. නිරන්තරයෙන්ම සියලුම ශුද්ධ වූ ලෝහ වර්ග සිරුර මතුපිට ස්පර්ශ වීම නිසාය.
තවද සිංහල ඖෂධ නිෂ්පාදකරුවන් සහ දේශීය ඖෂධ බෙහෙත් කිරණ අයට ද තදබල ශාරීරික රෝග නොසෑදේ. නිතර බෙහෙත් වර්ග අත ගෑම, ස්පර්ශ වීම නිසා මෙය ශාරීරික විද්‍යාත්මක සංසිද්ධියකි.
යන්ත්‍ර මන්ත්‍ර මෙන්ම අපේ පාරම්පරික කෙම් ක්‍රමවල ද සුවිශේෂි ශක්තියක් ගැබ් වී ඇති බැව් ඔප්පු වී තිබේ. අපේ ඉපැරණි ගැමියන් මේවා උපයෝගි කරගෙන බාහිර දෝෂ වළකා ගන්නා ලදි. එදා මහ වන්නියේ පැවති යන්ත්‍ර, මන්ත්‍ර යාගහෝම ශාන්තිකර්ම මෙන්ම කෙම් ක්‍රම පිළිබඳව ගැඹුරින් පරීක්ෂා කර බලා ජනතාව අතර ප්‍රචලිත කිරීමට ඉමහත් වෙහෙසක් ගත්තේ හෙළයේ මහා පරිසරවේදියා වූ පියසේන කහඳගම මානව හිතවාදියාය.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ටී. හෙන්රි බෙම්මුල්ල