– හැකි උපරිම අයුරින් හැමෝටම උපකාර
– පටන්ගන්නා ඕනෑම වැඩක් සාර්ථකව නිමා කරයි
පෞරුෂ අංකයට අදාළ පලාපල සඳහන් කිරීමට ප්‍රථම ඔබ පෞරුෂ අංකය සොයාගන්නා ආකාරය දැනගත යුතුය. ඒ සඳහා මුලින්ම කොළයක ඉංග්‍රීසි භාෂාවෙන් ඔබගේ සම්පූර්ණ නම ලියාගත යුතුය. (ඊට වාසගම අවශ්‍ය නොවේ) ඉන්පසු රූප සටහනේ පෙන්නුම් කරන ආකාරයට ඔබගේ නමේ අකුරුවලට යෙදෙන අංක සටහන් කරගත යුතුය. මෙහිදී මතක තබා ගත යුතු කරුණ වන්නේ ඉංග්‍රීසි භාෂාවේ සඳහන් a e i o u යන ස්වර අකුරුවලට අදාළ අංක අතහැර අනිකුත් අක්ෂරවලට අදාළ අංක පමණක් සටහන් කර ගැනීමයි. ඉන්පසු එම අංක තනි අංකයක් වන තුරු එකට එකතු කරගත යුතුය. ඊට උදාහරණයක්ද පළ වේ.
ඒ අනුව අංක විද්‍යා ජ්‍යොතිෂයේ සඳහන් පරිදි පෞරුෂ අංක 4 නම් ඔබ උපන් රට, භූමිය, ආගම, ජාතිය පිළිබඳ ඉතා උනන්දුවෙන් සහ හැඟීමකින් යුතුව කටයුතු කරන කෙනෙකි. හදවත ළතෙත් ගතියෙන් යුක්තය. මවු රටට සහ මවු භාෂාවට ආදරය දක්වයි. ඔබට හොඳ අත්ගුණයක් පවතී. යම් භෝගයක් ඔබ අතින් වගා කළහොත් එය මහත් සේ පල දරයි. ඔබ අතින් පටන් ගන්නා බොහෝ වැඩ කටයුතු සාර්ථක ලෙස නිමාවට පත් කර ගනියි. සමාජය පිළිබඳව මිනිසුන් පිළිබඳව සානුකම්පිත හැඟීමකින් ක්‍රියා කරයි. උදවු අවශ්‍ය අයට තමාට උපරිම හැකියාව ඇති අයුරින් උදවු උපකාර කරයි. තැනට සහ අවස්ථාවට ගැළපෙන ලෙස හැඩ ගැසෙනවා සේම ක්‍රියා කිරීමටද ඔබ දක්ෂ වෙයි.
තම පවුලේ අයට තමාගෙන් ඉටුවිය යුතු යුතුකම් නොපිරිහෙළා ඉටු කරන පෞරුෂ අංක 4 හිමියන් තම හිතවත් ඥාති මිත්‍රාදීන් වෙනුවෙන් ද නොපැකිළිව ක්‍රියා කරයි. ඔබ යමක් කිරීමට පෙර සහ ප්‍රකාශ කිරීමට පෙර ඒ පිළිබඳ කීප වතාවක් සිතා බැලීම වටී. තමා කළ කී දෑ ගැන පසුව පසුතැවිලි නොවීමට කටයුතු කිරීමට මතක තබා ගන්න.
තැනට අවස්ථාවට ගැළපෙන ලෙස අඳින්නට පලඳින්නට මෙන්ම හැසිරීමටද පෞරුෂ අංක 4 හිමියන් ඉතා හොඳින් දනී. එසේම ඔබට සමාජ ගෞරවය මෙන්ම අන් අයගේ ආදරය ද පහසුවෙන් හිමි වීමේ භාග්‍ය පවතී. කරන කියන සෑම කටයුත්තක්ම පිළිවෙළටත් නිවැරදිවත් කිරීමට උත්සාහ ගනී. ඔබ තුළ ප්‍රායෝගික වැඩපිළිවෙළක් පවතී. කළ යුතු දේ සැලසුම් සහගතව ක්‍රියාවට නඟයි. වටිනා අදහස් සහ සිතුවිලිවලින් යුක්ත පුද්ගලයෙක් වෙයි. සෑම විටම සාධාරණ ලෙස ජීවත් වෙන්නට සිතන ඔබ විශ්වාසය කඩකිරීම වරදක් ලෙස සිතයි.
පෞරුෂ අංක 4 හිමි ඔබගේ අවංක ගතිගුණ නිසාම ඔබගේ තීන්දු තීරණ පිළිබඳව අන්‍යයන් විශ්වාසය තබයි. අන් අයගේ සහයෝගයද පහසුවෙන් ලබා ගැනීමේ හැකියාව පවතී. තද පාට වර්ණ සහ දුඹුරු පාට වර්ණයට අදාළ ඇඳුම් පැලඳුම් ඔබට වඩාත් ගැළපෙන බව කිව හැකිය. ඔබේ පෞරුෂය තුළ පවත්නා යහපත් ගති නිසා සමාජය තුළ ගෞරවයටත් පිළිගැනීමටත් නිරන්තරයෙන්ම ලක්වීමේ භාග්‍යය ඔබට පවතී.
පෞරුෂ අංක 5 ලබන කලාපයෙන් බලාපොරොත්තු වන්න.
ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ඒ. ජේ. දීපාලෝක