සම්මාන සහ ආදරය හිමිවන වතුර පිරුණු වැව
. කනාටු වූ බුලත් වැලක් හෝ වියැළුණු බුලත් කොළ – විශාල නින්දාවකට පාත්‍ර වීමට සිදුවේ.
. ගඟක වෙරළක ඇවිදීම – බලාපොරොත්තු නොවූ තරම් ලාභයක් ලැබේ.
. වතුර පිරුණු වැවක් – බොහෝ දෙනාගේ ආදරයට ලක් වේ. සම්මාන ලබන්නට හේතු වේ.
. ගෙමිදුලේ රතු පාට මල් පිපී තිබීම – තමන් සතු මුදල් වැය වන්නට කරුණු යෙදේ.
. අඩි පාරක් ඔස්සේ ගමන් කිරීම – තමාගේ බලාපොරොත්තු ඉටු වේ.
. විහාරස්ථානයක් – තමන් සමඟ අමනාපව සිටියවුන් යළිත් මිතුරු වේ.
. මිනිසුන් පිරුණු වීදියක හෝ නගරයක ගමන් කිරීම – දබරයකට මැදි වන්නට සිදු වේ.
. අංග විකල මිනිසෙක් හෝ ගැහැනියක් – තමාගේ පවුලේම අයගෙන් චෝදනා ලබන්නට කරුණු කාරණා යෙදේ.
. සිල් මාතාවක් හෝ මෙහෙණියක් – පළමුව දුකක් ද දෙවනුව සතුටක් ද ලබන කාරණාවක් සිදු වේ.
. විහාරස්ථානයක ආගමික උත්සවයක් – තමන්ට දරුවන් සිටී නම් ඒ දරුවකුට කරදරයක් ඇති වේ.
. ස්ත්‍රියක සමඟ මුදල් ගනුදෙනු කිරීම – මෙතෙක් සමීපව ඇසුරු කළවුන් තමන් ගැන කලකිරීමට පත්වන දෙයක් සිදු වේ.
. සමීපයෙන් ඇසුරු කරන කාන්තාවන් වැලපෙන අයුරු – තමන් අපකීර්තියට පත්වන යමක් සිදු වේ.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී සුදත් රත්නායක