Home » ඔබේ විවාහය සිදුවන කාලය හරියටම දැනගන්නේ මෙහෙමයි

ඔබේ විවාහය සිදුවන කාලය හරියටම දැනගන්නේ මෙහෙමයි

by thanushika
November 18, 2023 12:33 am 0 comment

විවාහය ජීවිතයේ අතිශය වැදගත් වූ සොඳුරුතම සහ සුවිශේෂී කඩඉමකි. වසර ගණනාවක ප්‍රේමයක හෝ යෝජනාවක සුන්දර සංධිස්ථානය වන විවාහය සිදුවන කාලය ගැන හරියටම දැනගැනීමට යොවුන් වියේ ඔබත් කැමති ඇති නේද? එසේ නම් විවාහය සිදුවන කාලය හරියටම දැනගත හැකි ජ්‍යොතිෂ සිද්ධාන්ත කීපයක් පිළිබඳ ඔබ දැනුම්වත් කිරීම මෙහි සූදානමයි.

විවාහය සිදුවන කාලය ගැන කියැවෙන ජ්‍යොතිෂ සිද්ධාන්ත

1. බ්‍රහස්පති (ගුරු) ග්‍රහයා ගෝචර ගමනින් 3, 7, 11 ස්ථානවල ගමන් කරන කාලයේ විවාහය සිදුවීමට තරම් බලවත් මංගල යෝග උදාවේ.

2. රාහුගේ මහ දශා අතුරු කාලවල විවාහය යෙදීමට වැඩි නැඹුරුතාවක් ඇත.

3. හත අධිපතියාගේ මහ දශා, අතුරු දශා කාලවලදී ද මංගල යෝග උදාව බලවත් වේ.

4. හත අධිපති ග්‍රහයා හතේම ගෝචර කාලයේදීද යෝග උදාව බලවත් වේ.

5. ලග්නාධිපති ග්‍රහයා හතේත් හත අධිපති ලග්නයේත් ගමන් කරන කාලය

මීට අමතරව විශේෂ වශයෙන් මංගල යෝග උදා වීම පිළිබඳව බැඳී ඇති ජ්‍යොතිෂමය සිද්ධාන්ත තවදුරටත් දක්වා ඇත. ඉහත දැක්වූයේ ප්‍රධාන වශයෙන් දක්වා ඇති සිද්ධාන්ත කීපයකි.

බ්‍රහස්පති (ගුරු) ග්‍රහයා ගෝචර ගමනින්

3, 7, 11 ස්ථානවල ගමන් කරන කාලයේ

විවාහය සිදුවීමට තරම් බලවත් මංගල යෝග උදාවන හැටි

ජ්‍යොතිෂයේදී විවාහ ස්ථානය ලෙස සලකන්නේ හත්වැන්නයි. බ්‍රහස්පති ග්‍රහයා හත්වැන්නේ ගමන් කරන විට සහ බ්‍රහස්පතිගේ දෘෂ්ටිය හත්වැන්නට වැටෙන විට යහපත් මංගල යෝග හොඳින් උදාවන බව සඳහන්ය. බ්‍රහස්පති ග්‍රහයාට තමන් සිටින රාශියේ සිට පස්වන හා නවවන ස්ථාන පෙනෙන නිසා හතට දෘෂ්ටි වන්නේ 3, 11 ගමන් කරන විටය. බ්‍රහස්පති 3, 7, 11 ස්ථානවල ගමන් කිරීම විවාහය සිදුවීමට බලපාන බව දක්වා ඇත්තේ එබැවිනි.

රාහුගේ මහ දශා අතුරු කාලවල විවාහය යෙදීමට වැඩි නැඹුරුතාවක් ඇත්තේ ඇයි? මෙම සිද්ධාන්තය පැරණි පොත් පත්වල විශේෂයෙන් දක්වා නැතත් ජ්‍යොතිෂ පර්යේෂණ මඟින් එය සනාථ වී ඇත.

හත අධිපතියාගේ මහ දශා අතුරු දශා කාලවලදීද මංගල යෝග උදාව බලවත් වන හැටි

ලග්නය අනුව හත අධිපති ග්‍රහයා කවරෙකු ද යන්න පහත පරිදි දැනගත හැකිය.

මේෂ සහ වෘශ්චික ලග්න හිමියන්ගේ හත අධිපති ග්‍රහයා – සිකුරු (කිවි) (කාල සීමාව අවු 20)

වෘෂභ සහ තුලා ලග්න හිමියන්ට – අඟහරු (කුජ) (අවු 7)

මිථුන හා කන්‍යා ලග්න – බ්‍රහස්පති (ගුරු) (අවු 16)

ධනු හා මීන ලග්න – බුධ (අවු 17)

කටක හා සිංහ – සෙනසුරු (ශනි) (අවු 19)

කුම්භ ලග්නයට – රවි (ඉරු) (අවු 6)

මකර ලග්නයට – චන්ද්‍රයා (සඳු) (අවු 10)

මෙම ග්‍රහයන්ගෙන් හත්වැන්නට උපතේදී ඇතිවූ බලපෑම අනුව යෝග උදාවීම ද වෙනස් වේ.

හත අධිපති ග්‍රහයා හතේම ගෝචර කාලයේදීද

යෝග උදාව බලවත් වන්නේ මෙහෙමයි

ලග්නවල හත අධිපති ග්‍රහයන් ඉහත දක්වන ලදී. මෙම ග්‍රහයන් එක් රාශියක ගමන් කරන කාලය එකිනෙකට වෙනස්ය. එම කාලයන් දළ වශයෙන් පහත දැක්වේ.

සඳු – දින 2

බුධ – දින 20

රවි – මාසයයි

කුජ, සිකුරු – මාස එකහමාරයි

ගුරු – අවුරුද්දයි

රාහු, කේතු – අවුරුදු එකහමාරයි (නමුත් රාහු කේතුට කිසිම රාශියක අධිපති කමක් නැත.)

ශනි – අවු දෙකහමාරයි

ඉහත දැක්වූ ආකාරයට ඔබගේ විවාහය සිදුවන කාලය ඔබටම දැනගත හැකිය.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී බණ්ඩාරගම සම්පත් එස්. කල්පගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division