Home » කේන්දරේ 3 වැනි භාවයට නිවේදකත්වය දරන ග්‍රහයෝ

කේන්දරේ 3 වැනි භාවයට නිවේදකත්වය දරන ග්‍රහයෝ

by thanushika
November 18, 2023 12:30 am 0 comment

ක්‍රිෂණ්මූර්ති පද්ධතියට අනුව ජන්ම පත්‍රයක පලාපල කථනය සම්බන්ධයෙන් ජන්ම පත්‍රයක 3 වැනි භාවය විශ්ලේෂණය කිරීමේදී මෙම භාවයට නිවේදකත්වය දරන ග්‍රහයන්ගේ ක්‍රියාකාරිත්වය මෙසේ වෙයි.

මෙම ජන්ම පත්‍රයේ 3 වැනි භාව ස්ඵූටයේ උපස්ථානය අධිපති සිකුරු ග්‍රහයා 3 වැනි සහ 10 වැනි භාව අධිපතිව 12 වැනි භාවයේ ලැගුම්ගෙන සිටියේය. මෙම සිකුරු ග්‍රහයා, රවි ග්‍රහයා හිමි රාශියක සහ සිකුරු ග්‍රහයා හිමි නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටියේය. ඒ අනුව සිකුරු ග්‍රහයාගේ නිවේදකත්වය 3, 10, සහ 12 වැනි භාවවලට යෙදෙයි.

මෙම ජන්ම පත්‍රයේ 3 වැනි භාව ස්ඵූටයේ උපස්ථානය අධිපති සිකුරු ග්‍රහයාගේ සම්බන්ධතාව පෙන්වන 3, 10 සහ 12 වැනි භාව නිවේදකත්වය දරන ග්‍රහයන්ගේ ක්‍රියාකාරිත්වය ඇතිවන කාලසීමාවන් බලන්න.

භාව නිවේදකත්වය දරන ග්‍රහයන් වන්නේ කුජ, සිකුරු, ශනි, සඳු, බුධ සහ රවි වෙති. මෙම ග්‍රහයන්ගේ දශා සහ අතුරු දශා කාලවලදී ඔවුන්ගේ ගෝචර ගමන් සමඟ එකඟ වන කාල සීමාවලදී ඒ කරුණු ක්‍රියාත්මක වෙයි.

ක්‍රිස්තු වර්ෂ 2008 පෙබරවාරි මාසයේ 23 වැනි දින සිකුරු ග්‍රහයාගේ මහ දශාව ආරම්භ වී ඇත. මේ සිකුරු ග්‍රහයාගේ මහ දශාවේ ශනි ග්‍රහයාගේ භුක්තිය 2020 දෙසැම්බර් මාසයේ 23 වැනි දින සිට 2024 පෙබරවාරි මාසයේ 23 වැනි දින දක්වා පැවතියේය. ගුරු ග්‍රහයාගේ මහ දශාවේ ශනි ග්‍රහයාගේ භුක්තිය 2014 නොවැම්බර් මාසයේ 27 වැනි දින දක්වා පවතියි.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ජී. එච්. ඩබ්ලිව්. සිල්වා

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division