හික්කඩුවේ අසිරිය කියාපාන අසිරිමත් හික්කඩුව
කෘතිය -අසිරිමත් හික්කඩුව
සංස්කරණය -හික්කඩුව නගර සභාව
ප්රකාශනය -හික්කඩුව නගර සභාව
මිල- රු 500, පිටු ගණන- 144
දුරකතනය -091 2275114
හික්කඩුව නගර සභාව විසින් සංස්කරණය කර පළකරන ලද අසිරිමත් හික්කඩුව කෘතිය තුළ හික්කඩුව බල ප්‍රදේශයේ ඓතිහාසික, සංස්කෘතික, හා සමාජාර්ථික කරුණු ඇතුළත් අගනා ග්රන්ථයකි. හික්කඩුව පිළිබඳ අධ්‍යනය කරන්නවුන්ට වටිනා තොරතුරු ඇතුළත් මෙම ග්‍රන්ථයේ කරුණු විග්‍රහ කර ඇත්තේ ආදළ ඡායාරුපද සමඟින් වීම විශේෂිත කරුණකි.
දේවසිංහ ගෙන් ජීවිතය කවියක්
කෘතිය – ජීවිතය කවියක්
කර්තෘ – ඩී. ඒ.ටී. ඩී දේවසිංහ
ප්රකාශනය – කර්තෘ ප්රකාශනයකි
මිල- රු 850, පිටු ගණන- 133
දුරකතනය – 071 6026093
කතුවරයා විසින් රචිත පස්වැනි කෘතිය ජීවිතය කවියක් වේ. සමාජයේ පහළ ස්ථර ගැන, ඔවුන් විඳින අනේක විධ දුක්ගැහැට එළි දක්වන මෙම අපූරු නවකතාව හරහා කතුවරයා උත්සහ දරා ඇත්තේ අඳුරෙන් එළියට යාමට උත්සහ දරන්නවුන්ට යම් උත්තේජනයක් සැපයීමය. නාගරික සමාජයේ වූ පුහු ආටෝපයන්ගෙන් මිදෙමින් යථාර්ථවාදිව ජීවිතයට හුරු වන්නේ කෙසේද යන්න පිළිබඳ විවරණයක් මේ තුළ අන්තර්ගතය.
කුසුමා දම්මිනි ගෙන් පහන් ටැඹ
කෘතිය – ‘පහන් ටැඹ’
කර්තෘ -කුසුමා දම්මිනි නානායක්කාර
ප්රකාශනය -ඩී. කේ. මුද්‍රණාලය
මිල- රු 350, පිටු ගණන- 70
දුරකතනය -071 2054865
ගද්‍ය පද්‍ය කෘති කිහිපයක් පළ කර ඇති කුසුමා දම්මිනිගේ නවතම පද්‍ය කෘතිය වන්නේ පහන් ටැඹ යි. කිවිදිය තම ජීවිතයට පහන් ටැඹක් වූ අවස්ථා සේම, අන් ජීවිතයන්ට තම ජිවිතය පහන් ටැඹක් වූ අවස්ථා වැනි මං සලකුණු ඔත්සේ ඇය කවි ගෙත්තම් කරන්නේ පාඨකයා තුළ අපූර්ව චිත්ත රූප මවාලමිනි. අලංකාර සිතුවම් සමඟින් පද්‍ය කාව්‍ය 42ක් පුරාවට ඇය සිය අනුභූතීන් ඉදිරිපත් කරන්නේ විවිධාකාර මාතෘකා ඔත්සේය.
සඳ නැගෙන සඳ ළඟ රැඳෙන සඳ
කෘතිය – සඳ නැගෙන සඳ
ළඟ රැඳෙන සඳ (කාව්‍ය සංග්‍රහය)
කර්තෘ – උදානි අභිෂේකා විජේවර්ධන
ප්රකාශනය – සී/ස ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ ( පුද්) සමාගම
මිල- රු 350, පිටු ගණන- 72
දුරකතනය – +61412550289 වට්ස්ඇප්
දැනට ඔස්ට්‍රේලියාවේ ස්වින්බර්න් විශ්වවිද්‍යාලයේ පර්යේෂණ සහකාරියක ලෙස සේවය කරන මෙම ග්‍රන්ථයේ කතුවරිය වන උදානි අභිෂේකා විජේවර්ධන ගණිත අංශයෙන් උසස් අධ්‍යාපනය ලැබුවද සංගීතය හා කලා කුසලතා පිළිබඳ විශේෂ හැකියාවක් තිබූ ඇයගේ කුලුඳුල් කාව්‍ය සංග්‍රහයයි. කාව්‍ය සංග්‍රහයක් වශයෙන් නිර්මිත ඇයගේ මෙම කෘතිය කාව්‍ය 50 ක එකතුවකි. සමාජයේ විවිධ මාතෘකා අලළා ලියැවුණු මෙම කෘතිය හරහා කතුවරියගේ අපූරු කාව්‍ය කුසලතා මනාව ඔප් නංවයි.
Too Many Detectives and other short stories
කෘතිය – Too Many Detectives and other short stories
කර්තෘ -Freeda Villavarayan
ප්රකාශනය -සී/ ස ඇස් ගොඩගේ සහ සහෝදරයෝ
මිල- රු 750, පිටු ගණන- 148
දුරකතනය – +141 633 502 45 වට්ස්ඇප්
කැනඩාවේ ටොරෙන්ටෝ හි පදිංචි Freeda Villavarayan විවිධාකාර ක්ෂේත්‍ර අලළා කෘති රාශියක් පළ කර ඇති කතුවරියකි. දරුවන් මහත් සේ ඇලුම් කරන ප්‍රධාන රහස් පරීක්ෂකයින්ගේ වීර ක්‍රියා හා වෙනත් කතා කිහිපයක් ඇතුළත් කතාන්තර හතරකින් රචිත මෙම කෘතිය තුළින් කියවන්නාට වෙහෙසක් ඇති නොවී කියවාගත හැකි පරිදි සරල සිතුවමින්ද සකස් කර ඇත.
අලංකාර පිටකවරයකින් මුද්‍රිත මෙම ග්‍රන්ථය කර්තෘගේ අන් ග්‍රන්ථ මෙන් මනා නිමාවකින් හා වෙනස්ම ආකාරයේ කතා පුවතකින්ද යුතුවෙයි.