මාලේවන විහාර ඝනයේ අධිපති දේශීය වෛද්‍ය විශාරද මාලේවන සෝභිත මාහිමිපාණන් වහන්සේ 17 වැනි සිකුරාදා උදෑසන අපවත් වූහ. බේරුවල කුරුඳුවත්ත ශ්‍රී ශෛල බිම්බාරාම මහා විහාරය ප්‍රධාන බේරුවල මංහන්දිය ශ්‍රී සම්බෝධාරාම විහාරය, බේරුවල කරඳගොඩ ශ්‍රී ඛෙත්තාරාම විහාරය, ධර්ගා නගරය ශ්‍රී පඤ්ඤානන්දාරාමය හා දෙමටගොඩ පාලිතාරාමය යන විහාරස්ථානයන්හි විහාරාධිපතීන් වහන්සේ ලෙස කටයුතු කළහ.
සෝභිත නාහිමිපාණන් වහන්සේ කොළඹ හැව්ලොක් ටවුන් මාලේවන රසායනාගාරය හා බේරුවල කුරුඳුවත්ත ශ්‍රී ඥානේස්වර දේශීය වෛද්‍ය විද්‍යාලයේ පාලන අධ්යක්ෂවරයා ද විය.
මාලේවන සෝභිත නා හිමිගේ ශ්‍රී දේහය බේරුවල කුරුඳුවත්ත ශ්‍රී ශෛලබිම්බාරාම මහා විහාරයේ තැන්පත් කර ඇති අතර නොවැම්බර් 22 වැනි බදාදා දින ප.ව. 2.30 ට බේරුවල වෙරළ ක්‍රීඩාංගණයේදී ආදාහන පූජෝත්සවය සිදු කිරීමට නියමිතය.