ජනාධිපති සිනමා සම්මාන උලෙළ ඉකුත් 14 වැනිදා කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙවර එහි ප්‍රධාන අමුත්තා වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ය. විසිවැනි වරට පැවැත්වූ මෙම සම්මාන උලෙළේදී වසර 2019 හොඳම නළුවා වූ ‘ගින්නෙන් උපන් සීතල’ චිත්‍රපටයේ කමල් අද්දරආරච්චි, 2019 වසරේ හොඳම නිළිය වූ ‘දැකල පුරුදු කෙනෙක්’ චිත්‍රපටයේ සමාධි ලක්සිරි (වෙනුවෙන් සොයුරිය), 2020 හොඳම නළුවා වූ ‘ද නිව්ස්පේපර්’ චිත්‍රපටයේ කුමාර තිරිමාදුර සහ 2020 වසරේ හොඳම නිළිය වූ පාංශු චිත්‍රපටයේ නීටා ප්‍රනාන්දු, ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් අතින් සම්මාන ලබාගත් අවස්ථාවන් ඉහත දැක්වේ. ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති නීතිඥ දීපාල් චන්ද්‍රරත්න ද මෙහි වෙති.
(ඡායාරූප - නිශ්ශංක විජේරත්න සහ සුලෝචන ගමගේ)