807
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ රැස්වීම් අදාළ ගැටලු විසඳෙන තුරු නොකැඳවන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවට ඉකුත් 17 වැනිදා සිකුරාදා දැනුම් දුන්නේය.
ඒ අනුව ඉකුත් සිකුරාදා පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබු කෝප් කමිටු රැස්වීම අවලංගු කළ බව කථානායකවරයා නිවේදනය කළේය. විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් කථානායක වරයාෙගන් කළ ඉල්ලීමකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ. කෝප් කමිටුව සම්බන්ධයෙන් මතු වී තිබෙන ගැටලු නිරාකරණය කිරීමෙන් අනතුරුව එම කමිටු රැස්වීම් අරඹනු ඇත.
සුරේකා නිල්මිණි ඉලංකෝන්