924
එක්සත් රාජධානියේ එසෙක්ස් විශ්වවිද්‍යාලයේ සාමාන්‍ය උපාධි හෝ ශාස්ත්‍රපති උපාධි සඳහා බඳවා ගන්නා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ (OUSL) අපේක්ෂකයින් සඳහා, රුපියල් මිලියන 10ක් දක්වා උසස් අධ්‍යාපන ණය දැන් කොමර්ෂල් බැංකුවෙන් ලබාගත හැකිය.
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය, කොමර්ෂල් බැංකුව සමග අත්සන් කළ අවබෝධතා ගිවිසුමට අනුව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙයි. මේ මඟින් එසෙක්ස් විශ්වවිද්‍යාලයේ දෙවන හා තෙවන වසරවල උපාධි අපේක්ෂකයින්ට ඔවුන්ගේ අඛණ්ඩ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යෑම සඳහා, සුවිශේෂී ලෙස සහනදායී පොලී අනුපාතයක් යටතේ අධ්‍යාපන ණය පහසුකම් ලබාගත හැකිය.