Home » ඔක්සිඩෙන්ටල් ඊඩ්න් හෝටල් පරිශ්‍රයේ නත්තල් කේක් මිශ්‍ර කිරීමේ උත්සවයක්

ඔක්සිඩෙන්ටල් ඊඩ්න් හෝටල් පරිශ්‍රයේ නත්තල් කේක් මිශ්‍ර කිරීමේ උත්සවයක්

by gayan
November 25, 2023 12:30 am 0 comment

ඔක්සිඩෙන්ටල් ඊඩ්න් බේරුවල සුඛෝපභෝගී හෝටල් පරිශ්‍රයේදී නත්තල් කේක් මිශ්‍ර කිරීමේ උත්සවයක් ඉකුත් නොවැම්බර් 01 දා පැවැත්විණි. ඔක්සිඩෙන්ටල් ඊඩ්න් හි විධායක සූපවේදියෙකු විසින් මෙහෙයවන අදක්ෂ සූපවේදී කණ්ඩායමක මූලිකත්වයෙන් මෙම නත්තල් කේක් මිශ්‍ර කිරීම සිදු විය.

මෙම උත්සවය අමතමින් බාර්සිලෝ හෝටල් සමූහයේ හි මැද පෙරදිග සහ APAC හි වාණිජ අධ්‍යක්ෂ මිගෙල් මටෙඕස් පවසා සිටියේ මෙම අවස්ථාව ඔවුන්ගේ ප්‍රජාවගේ විවිධ මූල එකමුතු වන විට සැබවින්ම අද්විතීය යමක් නිර්මාණය කිරීමට සමත් වනු ඇති බවයි. ශ්‍රී ලංකා බාර්සිලෝ හෝටල් සමූහයේ නවතම ආභරණය වන ඔක්සිඩෙන්ටල් ඊඩ්න් බේරුවල, පෙර හැඳින්වූයේ ඊඩ්න් රිසෝට් ඇන්ඩ් ස්පා ලෙසයි. එය බ්‍රවුන්ස් ආයෝජන සතු අතර ඔවුන්ගේ ඔක්සිඩෙන්ටල් සන්නාමය යටතේ ලෝක ප්‍රකට බාර්සිලෝ හෝටල් සමූහය විසින් කළමනාකරණය කරනු ලබයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division