– යුවතිපතින් තමන්ගේ කේන්දරවල මේ ග්‍රහ පිහිටීම් ඇත්දැයි බලන්න
– විවාහයෙන් පසු ධන සම්පත්වලට උරුමකම් කියන ප්‍රබල ග්‍රහ යෝග 25ක්
– යුග දිවිය බබළවන ග්‍රහ සෙනෙහස
තරුණ වියට පත් අය තම අනාගත විවාහය ගැන සිහින මවයි. ඒ සඳහා ප්‍රේම සම්බන්ධතා ඇතිකර ගනී. නැතිනම් මවුපියන්ගේ ආශීර්වාදයෙන් තම සහකරු හෝ සහකාරිය තෝරා ගැනීමට උත්සාහ ගනී. යුග දිවියට පත් වන තරුණ තරුණියන්ට තම විවාහයෙන් සිතන තරම් සාර්ථක වීමක් දක්නට නොමැති බව අප දන්නා කරුණකි. අප හමුවීමට පැමිණෙන අයගේ කතාවලින් එය මනාව පැහැදිලි වේ.
විවාහ වීමෙන් පසු දරු සම්පත්, ධන සම්පත් ලබා සතුටින් කාලය ගත කිරීමට අප කවුරුත් කැමැත්තක් දක්වමු. නමුත් එය ළඟා කර ගැනීමට ඔබේ කේන්දරයේ ප්‍රබල විවාහ ග්‍රහ යෝග තිබිය යුතුය. මෙය ඔබටම පරීක්ෂා කර ගැනීමට හැකි වන පරිදි ධන සම්පත් ලබා ජීවිතය සාර්ථක කර ගත හැකි ප්‍රබල විවාහ යෝග කිහිපයක් ඉදිරිපත් කිරීමට අදහස් කළෙමි.
මුලින්ම ඔබ තම කේන්දරය අතට ගෙන වම් අතට ගණනය කර ගත යුතුය. කේන්දරයේ කොටු 12 ක් (රාශි 12ක්) ඇත. ඒ ඒ රාශියට අධිපති ග්රහයෙක්ද වේ. එයද ඔබ දැනගත යුතුය. ඒ ඒ රාශි අධිපතීන් මෙසේ දැක්විය හැකිය.
රාශිය අධිපති
1)මේෂ – වෘශ්චික කුජ ග්‍රහයා
2) වෘෂභ – තුලා සිකුරු
3) මිථුන – කන්‍ය බුධ
4) සිංහ රවි
5) කටක සඳු
6) ධනු – මීන ගුරු( බ්‍රහස්පති)
7) මකර – කුම්භ ශනි (සෙනසුරු)
මේ අනුව ඔබ මේෂ ලග්නයේ නම් ලග්නයේ සිට වමට රාශි ගණනය කරන්න. මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන ආදී වශයෙනි.
ඔබ වෘෂභ ලග්නයේ නම් ඒ අනුව වෘෂභ, මිථුන, කටක ආදී වශයෙන් ගණනය කරගෙන යා යුතුය. ඒ අනුව ඒ ඒ රාශියට අධිපති ග්‍රහයා ඔබට තේරුම් ගැනීමට හැකි වේ. මේ අනුව ඔබේ කේන්දරයේ ප්‍රබල සුබ විවාහ යෝග තිබේද? ඔබට පින්වත් භාග්‍යවන්ත බිරියක් ලැබේද? විවාහයෙන් ධන සම්පත් ලැබේද? ආදී වශයෙන් තේරුම් ගැනීමට හැකි වන පරිදි ජ්‍යොතිෂයේ පෙන්නුම් කරදී තිබෙන ප්‍රබල ග්‍රහ යෝග කීපයක් මෙසේ දැක්වීමට මම අදහස් කරමි.
විවාහයට බලපාන ප්‍රබල සුබ ග්‍රහ යෝග
01. ලග්නයෙන් හෝ චන්ද්‍රයාගෙන් හෝ 7 වන භාවයේ 9 වැන්නාධිපති සිටීමෙන් හෝ එම භාවස්ථානය දැකීමෙන් හෝ එසේත් නැත්නම් වෙනස් ශුභ ග්රහයෙකු 07 වන භාවස්ථානය දැකීමෙන් වාසනාවන්ත විවාහයක් ගත කිරීමට හේතු වේ. එම ග්‍රහයෝග බලයෙන් උපන් තැනැත්තාට හෝ තැනැත්තියට සිය යුගදිවිය කරදරයක් නැතිව ගත කළ හැකිය.
02. 02 – 07 සහ 12 යන භාවස්ථානාධිපති කේන්ද්‍රස්ථාන (එනම් 1- 4 -7-10) හෝ ත්‍රිකෝණ ස්ථානවල (01.05.09) හෝ සිටිය දී බ්‍රහස්පති විසින් දන්නා ලද්දේ නම් යහපත් විවාහ ජීවිතයක් ගත කළ හැකිය.
03) 07 වැන්නාධිපති ග්‍රහයාගේ 2,7 සහ11 භාව ස්ථානවල සුබ ග්‍රහයන් සිටීද එසේ නම් වාසනාවන්ත විවාහ යෝගයකි.
04. කුජ හෙවත් අඟහරු සහ සෙනසුරු 07 වැන්නේ මකර රාශිය වී සිටිය හොත් එවැනි පුරුෂයාට ලැබෙන භාර්යාව රූමතියකි. එමෙන්ම පතිනියකි.
05. යහපත් දරු සම්පත් ඇතිව ප්‍රීතියෙන් විවාහ ජීවිතයක් ගත කිරීමට නම් 7අධිපතියා සහ සිකුරු ග්‍රහයා සුබ රාශියක සිටිය යුතුය. එසේම 05 සහ 07 අධිපතීන් බලවත් විය යුතුය.
06. බාධක ස්ථානාධිපතියෙකු නොවී බ්‍රහස්පති 07 වැන්නේ සිටීමද යහපත් විවාහ යෝගයකි.
07. පූර්ව චන්ද්‍රයා 07 සිටින කේන්දර හිමියාට යහපත් බිරියක් ලැබේ.
08. බ්‍රහස්පති සිකුරු සංයෝගය 04 වැන්නේ නම් එයද ශුභ පල දෙන විවාහ යෝගයකි.
09. චන්ද්‍ර රවි කටක අඟහරු 11 සිකුරු 8 සහ සෙනසුරු මකර ලග්නයෙහි නම් එය සම්පත් දෙන යෝගයකි.
10. සියලුම ග්‍රහයන් ලග්නයේ 07 – 07 සහ 12 යන භාවස්ථානවල වේ නම් එවැනි තැනැත්තාට විවාහ සම්පත්, ධන සම්පත් අඩුපාඩුවක් නැත.
11. ගුරු සිකුරු දෙදෙනා ඔවුන්ගේ උච්ච ක්ෂේත්රවල සිටියදී උපන් කාන්තාවට ලැබෙන ස්වාමිපුරුෂයා බලවන්තයෙකි.
12. අඟහරු, ගුරු දෙදෙනා ඔවුන්ගේ උච්ච ක්ෂේත්රවල සිටියදී උපන් කාන්තාවට ලැබෙන ස්වාමිපුරුෂයා බලවන්තයෙකි.
13. කාන්තාවකගේ කේන්දරයක චන්ද්‍රයා උච්ච නම් ඇගේ විවාහය වාසනාවන්තයි.
14. බුධ, ගුරු, සිකුරු සංයෝගය 09 වැන්නේ යෙදී තිබියදී 05 අධිපතියාට පෙනුණොත් කේන්දර හිමියා රජෙකුට සමානය.
15. බලවත් 10 වැන්නාධිපති කේන්ද්‍ර ස්ථානයක හෝ ත්‍රිකෝණ ස්ථානයක හෝ සිටියදී බුධ ගුරු දෙදෙනාට පෙනුණොත් ඔහු රිසි සේ සැප සම්පත් විඳින්නෙක් වේ.
16. යම් ග්රහයෙකුට උච්ච බලයෙන් යුතුව 09 වැන්නේ සිටියහොත් ඒ තැනැත්තාට සැප සම්පත්වලින් අඩුවක් නැත.
17. බලවත් වූ අධිපතියා ලග්නය 03 – 05 යන භාවයක සිට 09 වැන්න දකින්නේ නම් හේ භාග්‍යවන්තයෙකි.
18. 04, 07, 10 යන සන්ධිස්ථානයක 11 අධිපතිව සිටීම ධනවන්තයෙකු වීමට සලසන ප්‍රබල යෝගයකි.
19. 04 අධිපතියා ලග්නාධිපතියා සමඟ 04 වැන්නේ සිටීද එවැනි අයට ගේදොර ඉඩකඩම් නිරායාසයෙන්ම ලැබෙන්නේය.
20. බුධ – සිකුරු – ශනි සංයෝගය කන්‍යා – මිථුන ලග්න දෙකේ යෙදුණහොත් ප්‍රබල ධන යෝගයකි.
21. චන්ද්‍ර / කුජ/ බ්‍රහස්පති සංයෝගය ධනු / මීන ලග්න දෙක යෙදුණහොත් ධන යෝගයකි.
22. මේෂ වෘශ්චික ලග්නවල කුජ/ බුධ/ සිකුරු/ ශනි සංයෝගය යෙදුණහොත් ධන යෝගයකි.
23. කටක ලග්නයට චන්ද්‍ර/කුජ/ගුරු තිදෙනා ලග්නයේ සිටීමෙන් ධන යෝග උදාවේ.
24. සිංහ ලග්නයේ රවි සිටියහොත් කේන්දර හිමියා ධනවතෙක් වේ. ධන යෝගයකි.
25. 05 වැන්න ධනු/ මීන රාශියක්ව එහි බ්‍රහස්පතිද බුධ, කුජ දෙදෙනා 11 වැන්නේ සිටියදී උපන් තැනැත්තා රජෙකු හා සමානය.
පවුලක බිරියගේ සහ සැමියාගේ කේන්දර පරීක්ෂා කර බලා ඉතා සෞභාග්‍යවත්ව ජීවිතය සකස් කරගැනීමට වාසනාව උදා කර ගන්න.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී විශ්‍රාමලත් විදුහල්පති, කොස්ගොඩ කේ. ඩී. ආර්. පී. රාජකරුණා