Home » කවි සිළුමිණ

කවි සිළුමිණ

by Mahesh Lakehouse
November 25, 2023 12:29 am 0 comment

පැරී­සි­යට පිය­ඹමි

මහ වැස්සට
තටු පෙඟු­නත්
සුළි සුළ­ඟට
තටු ගැහු­නත්
ඉර ගිනි­ගෙන
තටු දැවු­නත්
මම පිය­ඹමි
මොනවා වුණත්
පැරිස් අහස
උස වැඩි මුත්
පැතු­මන් ඇත
ඊට උඩත්
මායිම් බැමි
කඩා වුවත්
පියඹා එමි
මොනවා වුණත්
මියෙන්න පෙර
එකම වරක්
නුඹ දකින්න
තත්ප­ර­යක්
නොතකා මං
දිවා රැයක්
පිය­ඹ­න්නෙමි
මොනවා වුණත්

උපුලී කටු­වා­වල


ෆෝන් විත්ති

තරුණ කමට ආභ­ර­ණය ෆෝන් එක
අතට මිටට හරි­යන එක ෆෝන් එක
කෙල්ලො කොල්ලො එක්කළ මේ ෆෝන් එක
විස්ම කර්ම වැඩ කළ හැකි ෆෝන් එක
බටන් ටච් කියා එන මේ ෆෝන් එක
මිරි­කන පහුරු ගානා මේ ෆෝන් එක
ඇටැච් බාත්රූම් පම­ණක් නැති ෆෝන් එක
විස්ම කර්ම වැඩ කළ හැකි ෆෝන් එක
එගොඩ මෙගොඩ යා කරනා ෆෝන් එක
හද­වත් එකට බන්දන මේ ෆෝන් එක
පවුල් අවුල් කරනා මේ ෆෝන් එක
නොද­කින් නොදෝ­කින් මට නම් ෆෝන් එක

පත්ම­සිරි කුරුප්පු


වසි­ලිස්සාට පසු වද­නක්

මානව දයාවේ උදා­ර­ත්වය
නැත පේන ඉස­ව්වක
එන­මුත් ඇත
තව­මත් නුඹ
මගේ හද ගැඹු­රෙහි
දෑස පේන මානයේ
කඳුළු කැට අග…

චාන්දනී දේවිකා පුංචි­හේවා


නිරා­මිස සුවය

නොබි­ඳෙයි නිහඬ බව මුළු පරි­ස­රය අගේ
මතු­වන නිරා­මිස සුව­යක ගතිය හැඟේ
කෙත­රම් නිද­හස් ද අද ජීවි­තය මගේ
ගත­වෙයි තවුස් කෙනෙ­කුගේ අස­පු­වක වගේ

අයි. ඩී. නන්දා­වතී


අහිමි වූ ඇය

පෙරදා කෙළි දෙ‍ෙළන් සෙල්ලම් කරන විට
ඉඳ­හිට දබර වී නෙත­ගින් කඳුළු කැට
වැටු­ණත් නැවත පිසදා ඇය පෙර ලෙසට
නොසැ­ලෙන සෙනෙ­හ­සක් පෑවා එක දිගට
කල් ගත වෙලා අපි වෙනදා මෙන් එකට
හමුවී කතා බහ නොකළෙ අපෙ හොඳට
මත­කය අවදි වී දුක් දෙන විට සිතට
කඳු­ළැලි නැඟෙ­නවා සැමදා මගෙ නෙතට
අව­නත නොවී ඇය දෙගු­රුන්ගේ බහට
අදි­ටන් කළා සැමදා තනි­වම ඉන්ට
මා වෙනු­වෙන්ම කැප කළ ඇගෙ හෙට දිනට
සැමදා තනි රකිමි සෙව­ණැ­ල්ලක් ලෙසට

අම­ර­සිංහ එච්. ගමගේ


ප්‍රක­ම්ප­නය

බොහෝ නෑයන් යහළු
යෙහෙ­ළි­යන් එන්න ඇති
ඒ සැවොම ඔබ තනිව
මෙහි දමා යන්න ඇති
පෙම්ව­තුන් ඒ කියන
අය අතර ඉන්න ඇති
ඔහු කොහේ ගියා දැයි
නින­ව්වක් නැතිව ඇති
සැවොම අත­හැර ගොසින්
පාළු සොහො­නක මෙසේ
තනිව ඔබ නිදනු දුටු
මගේ සිත තැවෙ­නවා
තනිව නිදනා ඔබේ
සොහොන මත මල් මිටක් තබා
මේ පහන් සිල දල්වන්න
අව­ස­රයි දයා­බර සොයු­රියේ

දීප්ත කරු­ණා­රත්න


දව­සක නිමාව

හැන්දෑ කොරේ හිරු මහ මුහු­දෙහි ගිලිලා
බට­හිර අහස වැල­පෙයි ලේ කඳුළු සලා
තරු කුම­රියෝ හැම දෙන එකතු වෙලා
මිනි කැට නොවෙයි ඒ තරු­කැට නොවනු මුළා
වෙරළේ හවස පොඩි දරු­වන් ගැව­සෙ­නවා
ඔවු­නගේ සරුං­ගල් අහසේ පා වෙනවා
සිය­තුන් කැදලි සොය­මින් පියඹා යනවා
මුළු ලොව හෙමින් රෑ අඳු­රට සැර­සෙ­නවා

හුණු­පොල මොර­ගොල්ලේ සෙනෙ­වි­රත්න


සාක්ෂිය

සාක්කි කූඩුවෙ
හිට­ගෙන
සියැ­සින් දුටු
දේ දිවු­රමි…
අත්ත­න­ගලු
ගං කොමලී
ගම්දොර
හයි­යෙන් හැඬුවා…
කිරි කැකු­ළක්
රළ පත­රට
නොද­නිත්
ඇක­යෙන් වැටුණා…
වියරු සිනා පා
ඔරු­වක්
ආපසු
මෙතෙ­රට ඇදුනා…

මහ­ගම සීලා­නන්ද හිමි


සරුං­ගල්

එදා ඔබේ සවිය ලැබ
ළපටි මම හද තුටින්
සරුං­ගල් යැවු­වෙමි
වලා­කු­ළ­ටත් උඩින්
නෑසේවි සර­ස­රය
හඬ නැඟුම රැලි වෙතින්
ඔබ නැතුව ගෙබිම මත
වැති­රිලා එය දුකින්
වලා­කු­ළ­කට උඩින්
සුර කුම­රු­වෙක් වෙලා
ඔබේ රුව දකි­න්නෙමි
අද අහස දෙස බලා

පිය­සීලි විජේ­නා­යක

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division