විශේෂ කාර්ය බළකායේ මූලස්ථාන අධ්යක්ෂ (ගොඩනැඟිලි) අධ්‍යක්ෂක සැලසුම් මෙන්ම කොළඹ කලාපය භාරව සිටි හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම් අභයකෝන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ආරක්ෂක හා විමර්ශන අධීක්ෂණ නිලධාරියා වශයෙන් මහාමාර්ග, ප්‍රවාහන හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් පත් කර තිබේ.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ විශේෂ විමර්ශන අංශය, ජංගම පරීක්ෂණ අංශය හා ආරක්ෂක අංශය හරහා ඩිපෝ සම්බන්ධයෙන් සිදුවන ආරක්ෂක කටයුතු තර කිරීම, අකටයුතුකම්, සොරකම්, වංචා දූෂණ මෙන්ම ජංගම වැටලීම් අංශය හරහා ටිකට්පත් සම්බන්ධ චෝදනා, විනය සම්බන්ධ ගැටලුවලට මැදිහත්වීම ඊට අවශ්‍ය නීතිමය පියවර ගැනීම ඔහු යටතේ සිදුවනු ඇත. මෙම අංශ තුනේම අධීක්ෂණ කටයුතු කිරීමේ නිසි බලධාරියා වශයෙන් ඔහු කටයුතු කිරීමට නියමිතය. මීට අමතරව ශ්‍රී ලංගම ආරක්ෂක හා විමර්ශන අධීක්ෂණ නිලධාරියාගේ අධීක්ෂණය යටතේ විශේෂ ජංගම වැටලීම් අංශයක් ද ස්ථාපනය කර ඇත. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ වර්තමානයේ සිදුවන වංචා දූෂණයන්ට නිසි නායකත්වය ලබාදීම හරහා ලංගමය ආදායම් වැඩි
ආයතනයක් බවට පත් කිරීම ඔහුගේ බලාපොරාත්තු වේ.
වජිර ලියනගේ