1.3K
මෙවර පාසල් නිවාඩුව දෙසැම්බර් 22 වැනිදා සිට පෙබරවාරි 2 දක්වා මසකට වැඩි කාලයක් ලබා දීමට නියමිත බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත් පවසයි.
අධ්‍යාපන ඇමැතිවරයා සඳහන් කළේ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගවලට මුහුණ දෙන සිසුන් සඳහා වෘත්තිය පුහුණු පාඨමාලා රැසක් ආරම්භ කිරීමට නියමිත බවයි. ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින 2,37,000ක් සිසුන්ට එහි පළමු පාඨමාලාව ආරම්භ කරන අතර, ඊට ජාතික අධ්‍යාපන ආයතනය, වෘත්තීය පුහුණු අධිකාරිය හා විවෘත විශ්වවිද්‍යාල යන ආයතන එකතු වන බවත්ය.