HATCH ආයතනය විසින් GIZ Sri Lanka සහ යුරෝපා සංගමයෙහි සහයෝගිතාවය ඇතිව දේශීය කෘෂි ක්ෂේත්රය ඉතා වැදගත් වන පරිසර හිතකාමී කෘෂි නව නිපැයුම් වැඩසටහනක් නොබෝදා ක්‍රියාත්මක කරනු ලැබිණී.
මෙම වැඩසටහන යටතේ පෝෂණය, පරිසර හිතකාමී ඇසුරුම්, පරිසර හිතකාමී උපකරණ / අංගෝපාංග යන කෘෂි නව නිපැයුම් හා සබැඳි අංශ කෙරෙහි අවධානය යොමු කරනු ලැබූ අතර දිවයින පුරා විවිධ ප්‍රදේශ රැසක් නියෝජනය කරමින් අයදුම්පත් 200ක් පමණ මෙම වැඩසටහන වෙත ලැබී තිබුණි. ඒ අතරින් තෝරාගත් අයදුම්කරුවන් 20ක් සඳහා තවදුරටත් තරග අදියරක් පැවැත්වීමෙන් අනතුරුව අවසන් වටයට ව්‍යවසායකයින් 10 දෙනෙක් තෝරාගනු ලැබීය.
මෙම ව්‍යවසායකයින් 10 දෙනා තුන් මසක් දීර්ඝ වූ පරිපුර්ණ ව්‍යවසායකත්ව වැඩසටහනක් වෙත යොමු කෙරුණු අතර එහි අවසන් ප්‍රතිඵලයක් ලෙස ඉතා කාර්යක්ෂම සහ සිත්ගන්නාසුළු වූ පරිසර හිතකාමී නිෂ්පාදන රැසක් එළිදැක්වීමට ඔවුන් සමත් විය. මේ වැඩසටහන වෙත මූල්‍යමය දායකත්වය දක්වමින් සහයෝගය ලබා දුන්නේ යුරෝපා සංගමය සහ ආර්ථික සහයෝගිතාව සඳහා වන ජර්මානු ෆෙඩරල් අමාත්‍යාංශයයි.