ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජනායතනය (USAID) CATALYZE ශ්‍රී ලංකා පෞද්ගලික අංශ සංවර්ධන ව්‍යාපෘති යටතේ උසස් ප්‍රමිතියේ දේශීය තක්කාලි නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් KIST මඟින් නොවැම්බර්
14 වැනිදා අරඹන ලදි.
කටාන KIST නිෂ්පාදන මධ්‍යස්ථානයේ පැවැති එම උත්සවයේදී Cargills (Ceylon) PLC හී පූර්ණ අනුබද්ධිත සමාගමක් වන Cargills Food and Beverage Limited විසින් තණමල්විල සහ තඹුත්තේගම ප්‍රදේශවල සිට පැමිණි තෝරාගත් ගොවීන් දෙදෙනකු සමඟ මිලදී ගැනීමේ ගිවිසුම අත්සන් කරන ලදී.
USAID/ ශ්‍රී ලංකා සහ මාලදිවයින ආර්ථික වර්ධන කාර්යාල නියෝජ්‍ය අධ්යක්ෂ ඩෙනිස් වෙස්නර් සහ සීමාසහිත Cargills Food and Beverage Limited හී කළමනාකාර අධ්යක්ෂ අර්ජුන කුමාරසිංහ මෙම උත්සවයට සහභාගී විය. මෙම වැඩසටහනට සහභාගී වන ගොවීන්ට KIST සෝස් නිෂ්පාදන සඳහා අවශ්‍ය තක්කාලි ගෝලීය ප්‍රමිතීන්ට අනුකූල බව සහතික කිරීම උදෙසා යහපත් කෘෂිකාර්මික පිළිවෙත් පිළිබඳ නිසි මඟ පෙන්වීමක් ලැබෙනු ඇත.