Home » Cargills සහ USAID එක්ව නව ව්‍යාපෘතියක්

Cargills සහ USAID එක්ව නව ව්‍යාපෘතියක්

by gayan
December 2, 2023 12:30 am 0 comment

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජනායතන‍ය (USAID) CATALYZE ශ්‍රී ලංකා පෞද්ගලික අංශ සංවර්ධන ව්‍යාපෘති යටතේ උසස් ප්‍රමිතියේ දේශීය තක්කාලි නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් KIST මඟින් නොවැම්බර්

14 වැනිදා අරඹන ලදි.

කටාන KIST නිෂ්පාදන මධ්‍යස්ථානයේ පැවැති එම උත්සවයේදී Cargills (Ceylon) PLC හී පූර්ණ අනුබද්ධිත සමාගමක් වන Cargills Food and Beverage Limited විසින් තණමල්විල සහ තඹුත්තේගම ප්‍රදේශවල සිට පැමිණි තෝරාගත් ගොවීන් දෙදෙනකු සමඟ මිලදී ගැනීමේ ගිවිසුම අත්සන් කරන ලදී.

USAID/ ශ්‍රී ලංකා සහ මාලදිවයින ආර්ථික වර්ධන කාර්යාල නියෝජ්‍ය අධ්‍යක්ෂ ඩෙනිස් වෙස්නර් සහ සීමාසහිත Cargills Food and Beverage Limited හී කළමනාකාර අධ්‍යක්ෂ අර්ජුන කුමාරසිංහ මෙම උත්සවයට සහභාගී විය. මෙම වැඩසටහනට සහභාගී වන ගොවීන්ට KIST සෝස් නිෂ්පාදන සඳහා අවශ්‍ය තක්කාලි ගෝලීය ප්‍රමිතීන්ට අනුකූල බව සහතික කිරීම උදෙසා යහපත් කෘෂිකාර්මික පිළිවෙත් පිළිබඳ නිසි මඟ පෙන්වීමක් ලැබෙනු ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division