731
ආගමික අසමඟිය ඇති කෙරෙන ආකාරයේ ප්‍රකාශයක් නිකුත් කිරීම හේතුවෙන් දේවගැති ජෙරොම් ප්‍රනාන්දු ඉකුත් 01 වැනි සිකුරාදා දින දෙවැනි දිනටත් ප්‍රකාශයක් ලබා දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි මොහොතේ අත්අඩංගුවට ගෙන එදිනම කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි. මේ වසරේ අප්‍රේල් මාසයේදී ආන්දෝලනාත්මක ප්‍රකාශය නිකුත් කිරීමෙන් අනතුරුව පසුගිය මැයි 15 වැනිදා සිංගප්පූරුවට පලා ගොස් සිටි දේවගැතිවරයා ඉකුත් 29 වැනිදා යළිත් මෙරටට පැමිණියේය.
අමිල මලවිසූරිය