විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ අධ්‍යාපන සුදුසුකම් පාර්ලිමේන්තුවට හෙළි කරන්නැයි කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ පාර්ලිමේන්තුවේදී දෙසැම්බර් 1 වැනි සිකුරාදා පැවසීය.
ඒ පිළිබද සංවාදය සැකෙවින් මෙසේය. මන්ත්‍රී ගාමිණී ලොකුගේ – ‘මෙතන මේ සියලු දෙනා පත්වෙලා තියෙන්නේ ජනතා ඡන්දයෙන්. විපක්ෂ නායකතුමා කියන විදියට මෙතන ඉන්න අනෙක් සියලු දෙනා නූගත් අය. එතුමා විතරයි උගතා. මම දන්නවා එතුමාගේ පියාට වඩා අධ්‍යාපනය ලබපු අය තමයි මෙතන ඉන්නේ. එතුමාගේ පියා මේ රටේ ජනාධිපති වුණා. එතුමාගේ අධ්‍යාපන සුදුසුකම් මේ රටේ මිනිස්සු දන්නවා.
ඔබතුමා අනිත් අයගේ අධ්‍යාපන සුදුසුකම් බාල්දු කරනවා නම් ඔබතුමාගේ අධ්‍යාපන සුදුසුකම් මේ සභාවට ඉදිරිපත් කරන්න. මොකද මේ සියලු විවාද රූපවාහිනියේ යනවා. එතකොට මිනිස්සු හිතන්නේ මෝඩයෝ රැළක් මැද ඉන්න එකම උගතා මෙයා කියලයි. මෙතන ඉන්න සියලු දෙනා මෙතුමාගේ පියාට වඩා අධ්‍යාපනය ලබපු අය. මම ඔබතුමාට අභියෝග කරනවා තමුන්නාන්සේගේ අධ්‍යාපන සුදුසුකම් මේ සභාවට ඉදිරිපත් කරන්න කියලා. මම මෙතුමාගේ පියාගේ කාලෙත් පාර්ලිමේන්තුවේ ඉඳලා තිබෙනවා. ඒ නිසා පියාගේ අධ්‍යාපන සුදුසුකම් අපි දන්නවා. ඒ නිසා මම කියනවා, මේ සභාවට විපක්ෂ නායකතුමාගේ අධ්‍යාපන සුදුසුකම් ඉදිරිපත් කරන්න.’