දිවයිනේ ප්රමුඛතම රාජ්ය සංවර්ධන බැංකුව වන ප්රාදේශීය සංවර්ධන බැංකුව සිය ගනුදෙනුකරුවන් වෙත RDB VISA Debit Card හඳුන්වාදීමේ සමාරම්භක උත්සවය RDB බැංකුවේ සභාපති සිරිකුමාර ගුණසිංහගේ ප්රධානත්වයෙන් පසුගිය දා RDB ප්රධාන කාර්යාලයේදී සංවිධාන කර තිබුණි.
මෙම චාම් උත්සවයේ දී බැංකුවේ ගනුදෙනුකාර භවතුන් කිහිප දෙනෙකු වෙත සංකේතාත්මකව RDB VISA DEBIT Card ප්රදානය කරන අතර මින් ඉදිරියට RDB බැංකුවේ මිලියන 6 ක ගනුදෙනුකරුවන් වෙත RDB VISA Debit Card හරහා විශේෂ ප්රතිලාභ රැසක් සමඟින් VISA සන්නාමය සහිත ලක්ෂයකට අධික සේවා ස්ථාන ඔස්සේ දවසේ පැය 24 පුරාම විශ්වාසයෙන්, වේගවත් ආරක්ෂාකාරී ගනුදෙනුවක් සිදු කරන්න අවස්ථාව ලැබෙනු ඇතිබව සභාපති සිරිකුමාර ගුණසිංහ පවසයි.