දැනට ක්‍රියාත්මක වෙමින් පවතින සහ ඉදිරියේ දී ක්‍රියාත්මක වීමට නියමිත සූර්ය බලශක්ති ව්‍යාපෘති හරහා, බලශක්ති උත්පාදනයට ජල පරිභෝජනය අවම කිරීම වෙනුවෙන් නවතම තාක්ෂණය සඳහා ආයෝජනය කිරීමට අදානි ග්‍රීන් එනර්ජි සමාගම කටයුතු කරයි.
අදානි ග්‍රීන් එනර්ජි සමාගම සිය සූර්ය බලශක්ති නිෂ්පාදන කළඹෙන් මෙගාවොට් 4,830ක ප්‍රමාණයක් සිය රොබෝ තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ ආවරණය කිරීමට කටයුතු කරන අතර, එමඟින් වාර්ෂිකව ජලය ලීටර් මිලියන 595ක් ඉතිරි වන බව ගණන් බලා ඇත.
පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයක් වන සූර්ය බලශක්තිය හරිත විදුලි උත්පාදන ක්‍රියාවලියේ දී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ ද, සූර්ය පැනල පිරිසිදු කිරීමට ජලය අධික ලෙස වැය වන බැවින් සූර්ය පැනල නඩත්තු කිරීම සඳහා ජල පරිභෝජනය අවම කිරීම වෙනුවෙන් අදානි ග්‍රීන් එනර්ජි සමාගම ජලයෙන් තොර රොබෝ පිරිසිදු කිරීමේ පද්ධතියක් යෙදවීමට කටයුතු කර තිබේ.
එම තාක්ෂණය සිය සූර්ය බලශක්ති උත්පාදන ව්‍යාපෘති, දෙමුහුන් සූර්ය බලාගාර සහ අනාගත ව්‍යාපෘති සඳහා යොදා ගැනීමට අදානි ග්‍රීන් එනර්ජි සමාගම සැලසුම් කර ඇත.