Home » යුගදිවිය ගිනි ගොඩක් කරන විවාහ දෝෂ 19ක්

යුගදිවිය ගිනි ගොඩක් කරන විවාහ දෝෂ 19ක්

by thanushika
December 9, 2023 12:30 am 0 comment

වසර ගණනාවක් පෙම්දම් පුරා හෝ යෝජනාවක් මත හෝ එක වහලක් යටට නික්ම යන යුවතිපතීන්ගේ සොඳුරු කැඳැල්ල එසේත් නැතිනම් ජීවිතයේ සොඳුරුතම කඩඉම, සියල්ලන්ටම නොලැබෙන ජීවිතයේ සෞභාග්‍ය විවාහයයි. අපට අවශ්‍ය ලෙස කළ යුතු ජීවිතයේ එක්වරක් පමණක් ලැබෙන විවාහය මිනිස් ජීවිතයේ අතිශයින් වැදගත් සාධකයකි. එබැවින් සාර්ථක විවාහයක් සඳහා ස්ත්‍රියක සහ පුරුෂයකු ගැළපීමේදී ඔවුන්ගේ කේන්දර තුළ ඇති ග්‍රහ ගැළපීම් නොගැළපීම් දෙස දැඩි අවධානය යොමු කිරීම උගත් වැදගත් ජ්‍යොතිෂවේදියාගේ මහඟු යුතුකමකි. පොරොන්දමට පමණක් සීමා වී ග්‍රහ ගැළපීම් නොබැලීම තුළ වර්තමානය වන විට ලංකාවේ දික්කසාද පෝලිම දිනෙන් දින දිගු වෙමින් පවතී.

විවාහය වනාහී ආත්මීය බැඳීමකි. සංසාරගත බැඳීමක සොඳුරු පලය විවාහයයි. විවාහය ආත්ම හතක බැඳීමක් බව හින්දූන්ගේ මතයයි. ආත්ම ගණනාවක් පාරමීදම් පුරමින් එකට එන සිදුහත් යශෝදරා විවාහය සසර දුකින් අත් මිදෙන අවසන් භවය තෙක්ම එකිනෙකා පතාගෙන ආ සොඳුරු බැඳීමකි. එය ගෞරවයෙන් සිහි කළ යුතුය.

මනුෂ්‍ය ජීවිතයේ මූලිකම සංධිස්ථාන තුනකි. එනම් අප මේ ලෝකයට ජනිත වීම නැතහොත් උපත, ජීවිතයේ දෙවන උපත හෙවත් විවාහය හා මරණය හෙවත් මනුෂ්‍යයාගේ විපතයි. මෙම සංසිද්ධි තුනෙන් අපගේ උපතත්, මරණයත් අපට කිසිසේත් පාලනය කළ නොහැකි සාධක දෙකකි. එසේ නම් අපට පාලනය කළ හැකි එකම සාධකය අපගේ විවාහයයි. විවාහය යනු පුද්ගලයාගේ දෙවන උපතයි. පුද්ගල ජීවිතයේ සැපත මෙන්ම විපත ද රැඳී ඇත්තේ විවාහය තුළයි. කෙනකුට විවාහය කරුමයකි. තවත් කෙනකුට විවාහය රාජ උරුමයකි. එසේම සාර්ථක පුරුෂයකු පිටුපස යහපත් ස්ත්‍රියක් සිටිනවා සේම සාර්ථක ගැහැනියක් පසුපස යහපත් පුරුෂයකු ද සිටිය යුතුය.

මිනිස් ජීවිතයේ බොහෝ රහස් කේන්දරයේ කොටු 12 තුළ සැඟවී ඇත. එය පුදුම සහගතය. මේ ගැඹුරු ශාස්ත්‍රය දෙවියන් විසින් ඉසිවරු අතට පත් කරන්නට ඇත්තේ ද යහපත් මිනිස් සමාජයක් ගොඩනැඟීමේ හා අපට අවශ්‍ය තොරතුරු කල්වේලා ඇතිව දැනගැනීමේ පරමාර්ථය ඇතිවය. එම නිසා ජීවිතයේ දෙවන උපත ලෙස සැලකෙන විවාහය තුළට ද අපට මේ ජ්‍යොතිෂයෙන් බොහෝ දේ උකහා ගත හැකිය. අප විසින් පෙර භවයේ සිදුකරන ලද කිසියම් අකුසල කර්මයක පල විපාක ලෙස මේ භවයේ විවාහ ජීවිතය අවුල් වීමට, බිඳ වැටීමට හෝ ප්‍රමාදයකට මුහුණ දීමට, උරුම නම් එකී කාරණා කල් වේලා ඇතිව දැනගැනීමටත් එයට නිසි පිළියම් යෙදීමටත් හැකි සාධනීය හා විද්‍යාත්මක එකම ක්‍රමය තමාගේ ජන්ම පත්‍රයයි.

එය පළපුරුදු උගත් පින්වත් මුදල් මතම නොයැපෙන ජ්‍යොතිෂවේදීයකුගෙන් විග්‍රහ කරගැනීම තුළ විවාහයක ආත්මගතවූත් සංසාරගතවූත් බැඳීම එකිනෙකාට ඇති හුරුපුරුදු බව මනා ලෙස හඳුනා ගත හැකිය. කර්ම චක්‍රය උපතේදීම සටහන්ව ඇති ජන්ම පත්‍ර පරීක්ෂාව මඟින් ද යහපත් විවාහ දිවියක් ගතකිරීම සඳහා දෙදෙනා අතර සංසාරික හුරුපුරුදු බවක් පැවතීම විවාහ යුවළගේ හෝ විවාහ වීමට අපේක්ෂිත දෙදෙනාගේ ජන්ම පත්‍රවල ඇති ගැළපීම් නොගැළපීම් මඟින් දෙදෙනාගේ ආත්මීය හුරුපුරුදු බව ද අනාවරණය කරගත හැකිය.

එසේ නම් විවාහ ප්‍රමාද වීම්, විවාහ ගැටලු, දික්කසාද වැනි විවාහ බිඳ වැටීම් වන්නේ ඇයි? එයට මෙවැනි විවාහ දෝෂ රාශියක් බලපායි.

. 7 අධිපති හෝ සිකුරු 22 වන දෙර්කාණාධිපති වීම

. භෞම දෝෂය – ලග්නයෙන් හා චන්ද්‍රයාගෙන් හා සිකුරුගෙන් 1 2 4 7 8 12 යන ස්ථානවල කුජ ග්‍රහයා සිටීම.

. බේමඥම දෝෂය

. විෂ කන්‍යා යෝගය

. කඩහන්දි යෝගය

. වෛවධ්‍ය දෝෂය

. ස්ත්‍රී කේන්දරයේ පුරුෂ මාර යෝග

. පුරුෂ කේන්දරයේ ස්ත්‍රී මාර යෝග

. නාශාංශක දෝෂය

. අති ධාවන කාම යෝග

. බහු විවාහ දෝෂ

. සිකුරු 7 අධිපති පාපකර්තරී වීම

. සිකුරු 7 අධිපති 64 වන නවාංශකාධිපති වීම

. වඳ දෝෂ

. 07 – 08 පරිවර්තන යෝගය

. 07 අධිපති 8 වැන්නේ සිටීම

. විවාහ කාරක සිකුරු 17 අධිපති 6 8 12 රාශි ගත වීම

. ශනි මංගල යෝගය සෙනසුරු හා කුජ එකට යෝග වීම හෝ සප්තම දෘෂ්ටියෙන් සිටීම

. චන්ද්‍ර මංගල යෝගය සඳු හා කුජ එකට යෝග වීම හෝ සප්තම දෘෂ්ටියෙන් සිටීම

ඒ අතරින් කේන්දරයක 22 වන දෙර්කාණාධිපති ග්‍රහයා 7 වැන්න හා විවාහ කාරක සිකුරු හා සම්බන්ධ වූ විට විවාහයට වන බලපෑම සම්බන්ධවයි. ජ්‍යොතිෂ සිද්ධාන්තවලට අනුව දෙර්කාණ 36 අතුරින් 22 වන දෙර්කාණය විශේෂයෙන්ම ඉතා අයහපත් ලෙස සැලකේ. ජන්ම පත්‍රයක 22වන දෙර්කාණාධිපති යනු ඉතාමත් අශුභවාදී ග්‍රහයා ලෙස සැලකේ. ඒ අනුව යම් ජන්ම පත්‍රයක කිසියම් ස්ථාන අධිපති ග්‍රහයෙකු එම කේන්දරයේ ඉහත 22 වන දෙර්කාණාධිපති හා සම්බන්ධ වූ විට එම ස්ථාන පලවලට දැඩි බාධාකාරී බලපෑම් එල්ල වෙයි.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී-බණ්ඩාරගම සම්පත් එස්. කල්පගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division