Home » ඔබේ නමේ ඉංග්‍රීසි මුල් අකුරෙන් හෙළිවන ජීවිත කතාව

ඔබේ නමේ ඉංග්‍රීසි මුල් අකුරෙන් හෙළිවන ජීවිත කතාව

by thanushika
December 9, 2023 12:35 am 0 comment

ලොව අක්ෂර විද්‍යාවට හිමි වන්නේ සුවිශේෂි තැනකි. පෙර අපර දෙදිගම වෙළෙඳ ව්‍යාපාර නාමකරණයේදී අක්ෂර (අකුරු) ගැන සොයා බලනු ලැබේ. ජ්‍යොතිෂ විද්‍යාවේදී දරුවෙකුට නම් තබන විට ලග්න සහ නැකැත් අනුව නිරීක්ෂණය කර බලා දිව්‍ය, මනුෂ්‍ය, අපායක්ෂර වැනි කාණ්ඩ තුනකට බෙදා වෙන්කර බලන ක්‍රමයක්ද ඇත්තේය. මෙවර ඉසිවර ජ්‍යොතිෂ සංග්‍රහය තුළින් කතාබහ කරන්නට සූදානම් වන්නේ ඉංග්‍රීසි අකුරුවලින් කියැවෙන පලාපල තොරතුරු ගැනයි.

A – සුවිශේෂී දක්ෂතාවයෙන් පිරිපුන් නිර්මාණාත්මක හැකියා සහිත දිවිය ජයගන්නා අයෙක් වේ.

B – ඉතාම බුද්ධිමත්ව ක්‍රියා කරන කෙනෙක් වන අතර මාධ්‍ය අංශයේ කැපී පෙනේ. ව්‍යාපාරවලට දස්කම් ඇත.

C – පෙම් සබඳාතාවන්හි යම් යම් පටලැවිලි හට ගනි. ව්‍යාපාර කටයුතුවලට ඉතාම දක්ෂ වන අතර සාර්ථක දිවියක් ගෙවීමට වාසනාව තිබේ.

D – කලාව සෞන්දර්ය අංශයට වඩාත්ම නැඹුරු වේ.

E – ජීවිතාබෝධයකින් ක්‍රියා කරයි. තරමක පසුබාන අවස්ථා ද පෑදේ. මුදල් ගනුදෙනුවලදී ව්‍යාපාර ප්‍රවේසම් විය යුතු වේ. ඒ කාලවල පාඩු ඇතිවන නිසාය.

F – තරමක් ආත්මාර්ථකාමීය. සෘජුව කතාබහ කිරීමට ගොස් ප්‍රශ්න ඇතිකර ගනී. නීතිය පැත්තට වඩාත්ම නැඹුරුය. ව්‍යාපාරවලට දක්ෂය.

G – තමා ගන්නා දැඩි තීරණ කිසි විටක වෙනස් නොකරයි. නායකත්වය අපේක්ෂා කරයි. දේශපාලනයට දක්ෂ වේ. ජනප්‍රිය වේ.

H – පැහැදිලි මතකයක් ඇත්තෝ වෙති. බුද්ධිමත්ය. කලාවට දක්ෂය. මාධ්‍යකරුවෙක් වේ. සාර්ථක යුගදිවියක් ගෙවයි. ජීවිතය ජය ගනී.

I – ක්‍රියාශූරය. කැපවීමකින් වැඩ කරයි. ව්‍යාපාරවලට දක්ෂය. මැදිවියේ ධනය යහමින් අතට ලැබේ. සුප්‍රකට ව්‍යාපාරිකයෙක්ද වේ.

J – ආලය, ආදරය, ළෙන්ගතුකමට වඩාත් නැඹුරු වේ. ප්‍රශ්න ඇතිකර ගනී. අනවශ්‍ය දේවලට වහා පෙලඹේ. හදිසි ධන ලාභ ද හිමි වේ.

K – බුද්ධිමත්ව තීරණ ගනී. වෙළෙඳ කටයුතුවලින් සාර්ථක ප්‍රතිඵල ලබා ගනී. තරමක ආඩම්බර ගතියක් ද ඇත. තීරණ ගන්නා අතර නම්‍යශීලි නැත. වැඩියෙන් පාඩු ලබයි.

L – ඉතාම සංවේදී චරිතයකි. මැදිවියේ සිටම මුදල් සෙවීමට දක්ෂය. ප්‍රකට දේශපාලනඥයෙක් ද විය හැකිය. යුගදිවිය තුළ අනපේක්ෂිත ගැටුම්කාරී තත්ත්වයක් හට ගනී.

M – නීතිය පැත්තට දක්ෂය. සෞන්දර්ය අංශයෙන් ද දස්කම් ඇත. විදේශ සබඳතා වහා ගොඩ නැඟේ. හදිසි ධන ලාභයන්ට හේතු වේ. ජීවිතයේ අවසන් කාලය සෞභාග්‍යවත් වේ.

N – සංවේදී චරිතයකි. දක්ෂතාවලින් ඉදිරියටම යයි. ජනප්‍රිය චරිතයක් වේ. මුල සිටම ජීවිතය ජයගන්නා තැනට උත්සාහ කර එයි. සාර්ථකත්වය අත්කර ගනී.

O – චංචල මානසිකත්වයක් ඇත. අන්‍යයන්ට පිහිට වන්නට ගොස් ප්‍රශ්න ඇතිකර ගනී. යුග දිවියේද නොසිතූ අන්දමට ගැටලුවලට මුහුණපෑමට සිදු වේ. ජාන රෝගවල බලපෑම් ඇති වේ.

P – ජනතාව අතර ප්‍රසිද්ධ වේ. සමාජ වැඩවලට මෙන්ම දේශපාලනයට දක්ෂ වේ. ආදායම් මාර්ග ඉබේම පෑදේ. ජීවිතයේ මැදි වියේ සිටම අතට මුදල් වහා ලැබේ. වාසනාවන්ත චරිතයකි.

Q – පිරිස් බලය වැඩියි. සමහරවිට තේරුම් ගැනීමට ද අපහසු වේ. දැඩි ආත්මාර්ථකාමීය. අලුත් විෂයන් හදාරා ප්‍රසිද්ධ කෙනෙක් වේ. රටරටවල සංචාරය කරයි. නිහඬ ධනවතෙක් වේ.

R – ගුණ ගරුකයි. ධන කුවේරයෙක් වේ. විශාල ලෙස මුදල් ඉපයීමට අතිදක්ෂය. දීමට අකමැතිය. බාධක එමට ගොඩ නැඟේ. ජීවිතය දිනයි. නොවැටෙන අයෙක් වේ.

S – දිව්‍යමය අකුරයි. ශ්‍රේෂ්ඨ චරිතයකි. මිල මුදල් ලැබී ධනවතෙක් වේ. පාරම්පරිකවද ධනය ලැබේ. තුන් ඈදුතු වාසනාව මූල්‍යමය අත්පත් වේ.

T – හිතුවක්කාරය. වහා කිපේ. ප්‍රශ්න ඇතිකර ගනී. කථිකත්වයක් ඇත. ජන ආකර්ෂණයද ලැබේ. ජීවිතය කඩා නොවැටේ. වහා දිනය. අවසන් කාලයේ ප්‍රකට ධනවතෙක් වීමේ වාසනාව ඇත.

U – දියුණුව කරා පියමං කරයි. රහස් සතුරු පීඩා වහා ගොඩනැඟේ. බාධා පැන නඟී. නීතිමය ගැටලුවලට පටලැවේ. නාමිකව යුගදිවිය ගෙවන තැනකටද පත්විය හැකිය. දාරක ගැටලු පැන නඟී.

W – සත්‍ය ගරුකයි. උසස් ඉගෙනීමක් ලබයි. නීතිය – වෛද්‍ය, කළමනාකරණය, විද්‍යා අංශය මෙන්ම තාක්ෂණයේ ඉහළම තැනට පත් වේ. ප්‍රසිද්ධ කෙනෙක් වන අතර මූල්‍යමය සම්පත් ගොඩනැඟේ.

X – සිය ආත්ම ශක්තිය මෙහෙයවා වැඩ කරයි. මුදල් අංශයේ දියුණුව ලබයි. යහපත් ගුණගරුක කෙනෙකි. අනවශ්‍ය කරදර හිරිහැරවලට මුහුණ පෑමට සිදු වේ.

Y – මනාව සවන් දෙන්නෙකි. දක්ෂ උපදේශකයෙකි. පෞද්ගලික පන්ති පවත්වනවානම් වඩාත් යහපත්ය. විදේශ සබඳතා වහා ගොඩනඟා ගනී. විවාහය සාර්ථක වේ. විශාල දේපළක් හිමි වේ. ජනප්‍රිය චරිතයක් බවට ක්‍රමයෙන් පත් වේ.

Z – ගුප්ත චරිතයකි. සමාජය අතර එතරම් කැපී පෙනෙන චරිතයක් නොවේ. නමුත් සියලුම භෞතිකමය ක්‍රියාකාරකම්වලට සුවිශේෂී දස්කම් තිබේ. රසායන තෘණ බීජ ඇට පිළිබඳ අංශවලට දක්ෂතා පෙන්වයි.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ටී. හෙන්රි බෙම්මුල්ල

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division