මේෂ – පුණ්‍ය කටයුතුවලට නැඹුරුවක්
සඳු ගමන් කරන්නේ 8, 9, 10 යන භාවයන් හරහාය. ආරම්භයේ කනගාටුදායක පුවත් කන වැකෙන්නට පුළුවන. පුණ්‍ය කටයුතුවලට දායකත්වය ඇති වේ. රැකියා ව්‍යාපාර සඳහා ඇවිදිලි වැඩි වුවත් ලාභ ප්‍රයෝජන ගෙන දෙයි. දරුවන්ගේ අධ්‍යාපනික ප්‍රගතියද පෙන්වයි. සමහරවිට සිත් රිදීම් ඇතිවීමට කරුණු කාරණා යෙදෙයි. අපල අවම වීමට අඟහරුවාදා දිනයේ උදේ හෝ සවස බෝධිය අසල පහන් 7ක් දල්වා රතු මල් පූජා කර කතරගම දෙවියන්ට පින් දෙන්න.
සුබ අංකය – 7, සුබ වර්ණය – රතු, සුබ දවස – බ්‍රහස්පතින්දා
වෘෂභ – රැකියා ව්‍යාපාරවලින් ලාභ ප්‍රයෝජන
සඳු ගමන් කරන්නේ 7,8,9 යන භාවයන් හරහාය. රැකියා ව්‍යාපාරවලින් ලාභ ප්‍රයෝජන ලබන්නට හැකි සුබ සතියකි. ඇසුරු කරන අය අතර සුහදතාව රඳවාගෙන කටයුතු කරයි. පුණ්‍ය කටයුතුවලට දායකත්වය ඇත. දරුවන්ගේ උසස් අධ්‍යාපනික ප්‍රගතිය පෙන්නුම් කරයි. අසනීප ගති සුළු අනතුරු ද ඇතිවීමට පුළුවන. අපල අවම වීමට සතිය ආරම්භයේ සුදු මල් පූජා කර පැන් වීදුරුවක් තබා බුදුන් වඳින්න. දෙවියන්ට පින් දෙන්න.
සුබ අංකය – 6, සුබ වර්ණය – ක්‍රීම්, සුබ දවස – සිකුරාදා
මිථුන – ආර්ථිකය ශක්තිමත් වේ
සඳු ගමන් කරන්නේ 6, 7, 8 යන භාවයන් මතිනි. රැකියා ව්‍යාපාර කටයුතුවලින් යම් ලාභදායි තත්ත්වයක් පෙන්නුම් කරන මේ සතියේ ආර්ථිකය ශක්තිමත්ය. පොදු වැඩවලට පුණ්‍ය කටයුතුවලට දායකත්වය ද ඇති වේ. උසස් උගත් මිතුරන් මුණ ගැසේ. දරුවන්ගේ අධ්‍යාපනික පසුබිම යහපත්ය. අපල අවම වීමට භාවනාවක යෙදෙන්න.
සුබ අංකය – 5, සුබ වර්ණය – කොළ, සුබ දවස – සිකුරාදා
කටක – ගෘහ ජීවිතය සාමකාමීයි
සඳු ගමන් කරන්නේ 5, 6, 7 යන භාවයන් මතිනි. රැකියා ව්‍යාපාර අංශවලින් ලාභ ප්‍රයෝජන පෙන්නුම් කරන මේ සතියේ ගෘහ ජීවිතය සාමකාමීව ගෙවයි. දරුවන්ගේ ඉගෙනීමේ තත්ත්වය සතුටුදායකය. ඒරාෂ්ටකයක් ගතවන බැවින් අසනීප සුළු අනතුරු සිදුවිය හැකි නිසා කල්පනාවෙන් කටයුතුවල යෙදෙන්න. අපල අවම වීමට සතිය ආරම්භයේ කිරි දෙන මවකට හෝ දරුවකු ලැබෙන්න සිටින මවකට ආහාර දෙන්න.
සුබ අංකය – 7, සුබ වර්ණය – සුදු, සුබ දවස – සඳුදා
සිංහ – දානමාන පින්කම්වලට දායක වේ
සඳු ගමන් කරන්නේ 4, 5, 6 යන භාවයන් මතිනි. ධෛර්යයෙන් යුතුව තම වැඩ කටයුතු කරයි. ගෙදරදොර කලඑළි කිරීම්වලට මුල් තැන දෙයි. දරුවන්ගේ අධ්‍යාපනික ගමන්මඟ යහපත්ය. රැකියාවෙන් සැලකිය යුතු ආදායමක් උපයයි. දානමාන පින්කම්වලට උපකාර කරමින් සමාජයට ආදර්ශයක් දෙමින් උතුම් මෙහෙයක් කරයි. අපල අවම වීමට පිළිකා රෝගී දරුවකුට උපකාර කරන්න.
සුබ අංක – 1, සුබ වර්ණය- රතු, සුබ දවස – අඟහරුවාදා
කන්‍යා – සහජ දක්ෂතා ඉස්මතු කරයි
සඳු ගමන් කරන්නේ 3, 4, 5 යන භාවයන් හරහාය. පවුලේ සාමාජිකයන්ගේ එකමුතුකම දෙමාපිය සහයෝගය ඇතිව වැඩ කටයුතු කිරීම යහපත ගෙන දෙයි. සහජ දක්ෂතා ස්වයං රැකියා දියුණු වේ. පුණ්‍ය සිතුවිලි පෙරදැරිව අන්‍යයන්ට උපකාර කරමින් තම රාජකාරී කටයුතු ද අනලස්ව ඉටුකරන සතිය පලදායි වේ. අපල අවම වීමට තව තවත් පුණ්‍ය සිතුවිලි උපදවා ගන්න.
සුබ අංකය – 5, සුබ වර්ණය – කොළ, සුබ දවස – සිකුරාදා
තුලා – පදිංචි ස්ථානයේ දියුණුව
සඳු ගමන් ගන්නේ 2,3,4 යන භාවයන් හරහාය. වචනයේ ප්‍රබලත්වය පෙන්වන මේ සතියේ ඔබගේ ආර්ථිකයද ශක්තිමත් වේ. ගෘහ ජීවිතයේ කටයුතු උනන්දුවෙන් කරගෙන යයි. ගෙදර දොර පිරිසිදුකමට මුල් තැනක් දීම සහ පදිංචි ස්ථානයේ දියුණුව පිළිබඳව සිතන සතිය යහපත්ය. ප්‍රාථමික අංශවල දුවා දරුවන්ගේ දක්ෂතා වැඩි දියුණු වේ. අපල අවම වීමට වකුගඩු රෝගීන්ට උපකාර කරන්න.
සුබ අංකය – 6, සුබ වර්ණය – ක්‍රීම්, සුබ දවස – සෙනසුරාදා
වෘශ්චික – ධෛර්යය ශක්තිය ගෙන දෙයි
සඳු ගමන් ගන්නේ ලග්නය 2, 3 යන භාවයන් මතිනි. ධෛර්යය උපදවා කටයුතු කරන්නට පෙලඹේ. ආර්ථික තත්ත්වය ගොඩනංවා ගැනීම අසීරු වුවද ඔබගේ උත්සාහයට ප්‍රතිඵල ගෙන දෙයි. සහජ දක්ෂතා වැඩි දියුණු කරගත හැකි සතියකි. දරුවන්ගේ අධ්‍යාපනික ප්‍රගතිය ඇති කරයි. සමාජ ඇසුරේදී සිත් රිදීම් කලකිරීම් ඇතිවිය හැකි බැවින් මධ්‍යස්ථව කටයුතු කරන්න. අපල අවම කරගැනීමට ඉවසීමේ ගුණය ප්‍රගුණ කරන්න.
සුබ අංකය – 07, සුබ වර්ණ – රතු, සුබ දවස – බ්‍රහස්පතින්දා
ධනු – අතමිට මිල මුදල් ගැවසේ
සඳු ගමන් කරන්නේ 12 ලග්නය හා දෙවැන්න මතිනි. ආරම්භයේ පාඩුවක් හෝ සිත් රිදීමක් සිදු විය හැක. ඉන්පසු තත්ත්වය යහපත් වේ. සාමාජීය සබඳතා පොදු කටයුතුවලදී කාගෙත් සිත් දිනා ගනී. මානුෂීය ගුණධර්ම වැඩි දියුණු වේ. අන්‍යයන්ට උපකාර කරයි. අතමිට මිල මුදල් ගැවසේ රැකියා ව්‍යාපාර ලාභ ගෙන දෙයි. අපල අවම වීමට යහපත් සිතුවිලි උපදවා ගන්න.
සුබ අංකය – 8, සුබ වර්ණය – කහ, සුබ දවස – බදාදා
මකර – යුතුකම් මනා ලෙස ඉටු කරයි
සඳු ගමන් කරන්නේ 11, 12 සහ ලග්නය මතිනි. ආරම්භය ලාභදායි කටයුත්තක නිරත වීමට සිත බල කරයි. ධෛර්ය සම්පන්න බවක් ලබා දෙයි. ඇසුරු කරන සමාජය තුළ තම යුතුකම් මනාව ඉටු කරයි. අන්‍යයන්ගේ දුක සැප බලයි. දරුවන්ගේ යහපත් බලාපොරොත්තු අධ්‍යාපනික කටයුතුවල සුබවාදී බවක් පෙන්නුම් කරයි. දුර ගමන් බිමන් යෙදෙයි. අපල අවම කර ගැනීමට භාවනාවක යෙදෙන්න.
සුබ අංකය – 9, සුබ වර්ණය – නිල්, සුබ දවස – සිකුරාදා
කුම්භ – ව්‍යාපාර අංශවල දියුණුවක්
සඳු ගමන් කරන්නේ 10,11,12 යන භාවයන් මතිනි. රැකියා ව්‍යාපාර අංශවලින් ලාභ ප්‍රයෝජන හිමි වන අතර ඒවායේ මනා කළමනාකාරිත්වයක් ඇති කර ගනී. ඒත් අවිවේකය, සිත් රිදීම්, කලකිරීම් ගෙන දෙයි. ගමන්බිමන් අධික වියදම් ද වැඩි සතියකි. මානුෂීය ගුණ ධර්ම පුණ්‍ය සිතුවිලි උපදවාගෙන අපල අඩු කර ගන්න.
සුබ අංකය – 9, සුබ වර්ණ – නිල්, සුබ දවස – සිකුරාදා
මීන – අපල උපද්‍රව අඩු වේ
සඳු ගමන් කරන්නේ 9,10,11 යන භාවයන් මතිනි. මේ සතිය තුළ බොහෝ දුරට ඔබගේ අපල උපද්‍රව අසනීප අඩු වීමට මඟ පෑදෙයි. ආර්ථික තත්ත්වය වුවද සතුටුදායක වේ. අතමිට මිල මුදල් ගැවසේ. දරුවන්ගේ උසස් අධ්‍යාපනික කටයුතු මෙන් රැකියා ව්‍යාපාර ද සතුටුදායක වේ. අපල අවම වීමට බෝ මළුව පිරිසිදු කර පැන් කළයක් දමා දෙවියන්ට පින් දෙන්න.
සුබ අංකය – 9, සුබ වර්ණය – කහ, සුබ දවස – බ්‍රහස්පතින්දා