සිහෙළ සඳැස්කරණයෙහි පුනරාගමනය සාරාර්ථී
කෘතිය – සාරාර්ථී
කර්තෘ – අස්ගිරියේ මහේන් සූරි හෙවත්
මහේන්ද්‍ර සූරියආරච්චි
ප්රකාශනය – කවිවර ප්‍රකාශන
මිල – රු 400 / පිටු – 96
දුරකතනය – 077 3639336
කවි රස ජනන නම් පළමු සඳැස් කාව්‍ය නිර්මාණයෙන් ආරම්භයක් ගෙනදුන් මහේන් සූරිගේ නවතම කාව්‍ය නිර්මාණය වන්නේ සාරාර්ථී යි. කළමනාකරණය පිළිබඳ අත්දැකීම් ඇත්තෙකු වුවද ඔහු සඳැස් කාව්‍ය සම්ප්රදාය පිළිබඳ හැඟීමක් මෙන්ම දැනීමක්ද ඇත්තෙකි. ඔහුගේ කාව්‍ය ආකෘති හරහා නැවුම් සංකල්ප ඉදිරිපත් කරයි. එසේම කොළඹ යුගයේ ප්‍රචලිත කවීන්ගේ ආභාසය ඔහුගේ කෘති තුළින් දිස්වෙයි. විවිධ මාතෘකා 52ක් යටතේ ඔහුගේ මෙම කාව්‍ය නිර්මාණ සරලව හා අත්දැකීම් අනුසාරයෙන් ඉදිරිපත් කරන්නට කර්තෘ සමත් වී ඇත.
සොබාදම් ගොවි පලදා
කෘතිය – සොබාදම් ගොවි පලදා
කර්තෘ – අස්ගිරියේ මහේන් සූරි හෙවත්
මහේන්ද්‍ර සූරියආරච්චි
ප්රකාශනය – කවිවර ප්‍රකාශන
මිල – රු 800 / පිටු – 168
දුරකතනය – 077 3639336
කර්තෘගේ තවත් කාතියක් වන්නේ සොබාදම් ගොවි පලදා ය. මෙම කෘතිය හරහා ගොවිතැනේ මුලික සිද්ධාන්ත ඉදිරිපත් කිරීමට කර්තෘ උත්සහ නොකළද කළමනාකරණයේ හසල දැනුමත් ඇති කර්තෘ විසින් සිය වසර 10කට අධික අත්දැකීම් ආශ්‍රය කරගමිනින් මෙම කෘතිය රචනා කර ඇත. යටත් විජිත කාලය පුරාම රට ගොවිතැනින් ස්වයං පෝෂිතව පැවැතීම, අද වන විට ඒ තත්ත්වය වෙනස් වීම, ගොවිතැනේදී එදා යොදාගත් සුබ මුහුර්ත, ගොවිතැනට කාල නීර්ණය කිරීම, විවිධ සුබ අසුබ ලකුණු මෙන්ම අවසානයේ අපට වැදුණු තැන් ආදිය ඇතුළත් මෙම ග්‍රන්ථය පර්යේෂණ සඳහා නියැෙළන්නට ද මාහැඟි කෘතියකි.
කටු පඳුරේ පිපුණු මිනිසා
කෘතිය – කටු පඳුරේ පිපුණු මිනිසා
(ආනන්ද කුමාර චරිතාපදානය)
කර්තෘ – දෙනගම සිරිවර්ධන
ප්රකාශනය – සී/ ස ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ
මිල – රු 950 / පිටු – 200
දුරකතනය – 071 8096732, 011 2841302
අප රටේ නිවැරදි දේශපාලන දැක්මක් සහ සමාජ විඥානයක් ඇති කිරීම උදෙසා ආනන්ද කුමාරගෙන් ඉටුවූ සේවාව ඉක්මවා යා හැකි කෙනෙකු සොයා ගැනීම දුෂ්කර බව කර්තෘ දෙනගම සිරිවර්ධන පවසන්නේය. පසුගිය සියවස තුළ සමාජවාදි චින්තනය ජනතාව තුළ පැතිරවීම සඳහා පෑන යෙදවූ ලේඛකයින් කිහිප දෙනෙක් අතරින් ප්‍රමුඛයකු වන්නේ ආනන්ද කුමාරය. මේ නිසා ඔහුගේ ජීවිත කතාව අධ්‍යනය කිරීම නව පරපුරට වැදගත් වන්නකි. කර්තෘ පවසන්නේ මෙය අනාගත පරපුරට වැදගත් මානව සම්පත්වලින් ගම්‍ය වූ කරුණු ඇතුළත් කෘතියක් බවය.