1.1K
විදුලිබල පනත් කෙටුම්පත විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් ගැසට් කර තිබේ. එය ලබන ජනවාරි මස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. විදුලිබල කර්මාන්තයේ ප්‍රතිසංස්කරණ, ජාතික විදුලිබල උපදේශක සභාවක් පිහිටුවීම සහ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විදුලිබල කර්මාන්තය සඳහා නියාමක වශයෙන් කටයුතු කිරීමට අදාළ විධිවිධාන නව විදුලිබල පනතට ඇතුළත්ය.
එමෙන්ම, මෙම පනත මඟින් විදුලිබල උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම, වෙළෙඳාම, සැපයීම සහ ප්‍රසම්පාදනය සම්බන්ධ ව්‍යවස්ථාමය පියවර සැපයීම සහ ඊට අදාළ ක්‍රියාපටිපාටි නිශ්චිතව දක්වා ඇත.
තාරක වික්‍රමසේකර