ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි ණය වාරිකය මේ මාසයේදී ලැබෙනු ඇති බව විදේශ කටයුතු ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්රි සිළුමිණට ඉකුත් දා පැවසීය.
මේ පිළිබඳ අදහස් දැක්වූ ඇමැතිවරයා පැවැසූයේ IMF දෙවැනි වාරිකය ලැබීම හරහා ශ්‍රී ලංකාව නිවැරදි මාවතේ යන බවට ලෝකයට පණිවිඩයක් ලැබෙන බවත්, මෙම ණය වාරිකය ලැබීමත් සමඟ ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව විසින් ලංකාවට මුදල් ලබාදීම ආරම්භ කරන බවත්ය. මේ හරහා භාණ්ඩාගාරයේ අය වැයට සහයෝගය ලබාදීමට එම මුදල් යොදවා ගත හැකි වන බවත්ය. මෙම ණය වාරිකය ලැබීමෙන් වෙළෙඳ පොළ ණය පොලී අනුපාත 10% -11% කට අඩු කරගත හැකි වුවහොත් නැවත වතාවක් ව්‍යාපාරිකයින්ට ණය ලබාගෙන මූල්‍ය පහසුකම් හරහා ව්‍යාපාර ආරම්භ කිරීමට අවස්ථාව සැලසෙන බවද හෙතෙම පෙන්වා දුන්නේය.
සුභාෂිණි ජයරත්න