විදේශ කටයුතු ඇමැති අලි සබ්රි විසින් සිදු කළ ඉල්ලීමක් මත එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සේවය කරන ශ්‍රී ලංකාව ප්‍රමුඛ කරගත් බෞද්ධ ප්‍රජාව වෙනුවෙන් බෞද්ධ විහාරස්ථානයක් ගොඩනැඟීමට ශ්‍රී ලංකාව සමඟ එක්ව කටයුතු කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු ඇමැති එච්.එච්. ෂෙයික් අබ්දුල්ලා බින් සායිඩ් අල් නහ්යාන් එකඟ වී තිබේ. ඩුබායි හි පැවැත්වෙන පාර්ශ්වකරුවන්ගේ (COP) 28 වන සමුළුවට සමගාමීව ශ්‍රී ලංකා විදේශ කටයුතු ඇමැති අලි සබ්රි සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු ඇමැති එච්.එච්. ෂෙයික් අබ්දුල්ලා බින් සායිඩ් අල් නහ්යාන් ඉකුත් 04 වැනිදා හමුවූ අවස්ථාවේදී රටවල් දෙක මෙම එකඟතාවට පැමිණ ඇත. මෙම බෞද්ධ මධ්‍යස්ථානය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන සහ වැඩ කරන ශ්‍රී ලාංකික, ඉන්දියානු, නේපාල, තායිලන්ත, ජපන්, මියන්මාර වැනි රටවල්වල බෞද්ධයින්ගේ දිගුකාලීන අවශ්‍යතාවයක්ව පැවති බවත් තමන් ගෝලීය බෞද්ධ ප්‍රජාව වෙනුවෙන් නායකත්වය ගනිමින් මෙම යෝජනාව ගෙන ආ බව විදේශ ඇමති අලි සබ්රි පැවැසීය.
වජිර ලියනගේ
142
previous post