“නිතිය නවන්න යන පොලිසියට වැඩ වරදින හැටි – තිත්ත ඇත්ත“ මැයෙන් සිළුමිණ පුවත් පතේ ඉකුත් නොවැම්බර් 5 වැනිදා පළ වූ විශේෂාංග ලිපිය හා බැඳේ.
“ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ. ඩබ්. එම්. ලලිත් ඒකනායක ගෙන් මේ සම්බන්ධයෙන් විමසීමක් සිදු කළ අතර හෙතෙම පවසා සිටියේ“ යනුවෙන් එම ලිපියේ කිහිප වරක් සඳහන්ව තිබීම පිළිබඳ අප වෙත ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම් දැනුම් දී ඇත.
අදාල ලේඛකයා එම කරුණු ලබා ගෙන ඇත්තේ එම සභාව මඟින් ප්රකාශයට පත් කර ඇති ගැසට් නිවේදන සහ වෙනත් ලේඛන වල සඳහන් කරුණු මඟිනි. මෙම ලිපිය මඟින් පොලිස් කොමිෂන් සභාවේ සභාපති යම් අපහසුතාවකට පත් වුයේ නම් ඒ පිළිබඳ අපගේ කණගාටුව පළ කර සිටිමු.