Home » ජපානයට යන ශ්‍රමිකයන්ට රූපවාහිනියෙන් ජපන් පන්ති

ජපානයට යන ශ්‍රමිකයන්ට රූපවාහිනියෙන් ජපන් පන්ති

by Mahesh Lakehouse
December 9, 2023 12:32 am 0 comment

ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ශ්‍රී ලංකාවේ ජපාන ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය (JAGAAS) හා ජාතික රූපවාහිනී සංස්ථාව එක්ව සංවිධානය කෙරෙන, SSW (Specified Skilled Workers- සුවිශේෂී හැකියා සහිත ශ්‍රමිකයන්) සඳහා වූ වීසා ක්‍රමය යටතේ ජපානයට යාමට අපේක්ෂා කරන ශ්‍රමිකයන්ට N5 සහ N4 විභාග වෙනුවෙන් පැවැත්වෙන ජපන් උපකාරක පංති ජාතික රූපවාහිනිය ඔස්සේ 2024 ජනවාරි සිට විකාශය වේ.

කෘෂිකර්මය, වැඩිහිටි සත්කාරය, ආහාර සේවා, ගොඩනැඟිලි කර්මාන්ත, ගුවන් සේවා ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් යන ක්ෂේත්‍ර සඳහා වීසා ලබා දීමට අනුමැතිය ලැබී ඇත. ඒ පිළිබඳ දෙවන සාකච්ඡාවක් ජපන් තානාපති කාර්‍යාලයේදී පසුගියදා පැවැත් වූ අවස්ථාව මෙහි දැක්වේ.

එම සාකච්ඡාවට ජපන් තානාපති මිසුකොෂි හිදෙකි, JAGAAS සංවිධානයේ සභාපති ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න, රූපවාහිනි සංස්ථාවේ සභාපති ආචාර්ය ප්‍රසාද් සමරසිංහ, ජපන් තානාපති කාර්යාලයේ පළමු ලේකම් කෙන්ජි ඉනොවෙ, දෙවන ලේකම්වරුන් වන හිරොකි ඉනොඋවෙ සහ අන්න සුසුකි යන අය සමඟ කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය දිල්රුක්ෂි රත්නායක සහ මිනකත මිනමි සමඟ රූපවාහිනී සංස්ථාවේ වැඩසටහන් භාර නිලධාරීන් ද එක්ව සිටියහ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division