ශ්‍රී ලංකා රක්ෂණ සංගමයේ අලෙවිකරණ සහ විකුණුම් සංසදය විසින් 2023 නොවැම්බර් 27 වැනි දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මොනාක් ඉම්පීරියල් හිදී 14 වැනි ජාතික ජීවිත රක්ෂණ උපදේශකවරුන්ගේ සමුළුව ‘යථා තත්ත්වයට පත්වෙමින් පවතින ආර්ථිකයක් තුළ ජීවිත රක්ෂණය‘ යන තේමාව යටතේ පවත්වන ලදී.
ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ හි සභාපති, රාසික් සාරූක් සහ එහි අධ්යක්ෂ ජනරාල් දමයන්ති ප්‍රනාන්දු සම්භාවනීය අමුත්තන් ලෙස මෙම අවස්ථාවට සහභාගී වූ අතර විශේෂ ආරාධිත අමුත්තා වූයේ රක්ෂණ ක්ෂේත්රයේ ප්‍රවීණයකු වන චන්ද්‍රා ෂාෆ්ටර් ය. ශ්‍රී ලංකා රක්ෂණ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී උදේනි කිරිදෙන, ශ්‍රී ලංකා රක්ෂණ තැරැව්කරුවන්ගේ සංගමයේ සභාපති චරිත් මහේන්ද්‍රරාජා සහ ජීවිත රක්ෂණ ක්ෂේත්රයේ ප්‍රධාන විධායක නිලධාරීන්ද ජීවිත රක්ෂණ උපදේශකවරු 850කට අධික පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
2022 වර්ෂයේ විශිෂ්ට දස්කම් දැක්වූ ජීවිත රක්ෂණ උපදේශකවරු සඳහා ජීවිත රක්ෂණ ක්ෂේත්රයේ විකුණුම් සම්මාන ප්‍රධානය කරන ලදී.
ශ්‍රී ලංකා රක්ෂණ සංගමයේ සභාපති චන්දන එල් අලුත්ගම තම අදහස් දක්වමින් කියා සිටියේ ක්ෂේත්රයක් ලෙස වත්මන් ආර්ථික පසුබිම තුළ ආරක්ෂාව සහ රැකවරණයේ අවශ්‍යතාව ඉහළ යමින් පවතින බව වටහා ගෙන එම අවශ්‍යතා සපුරාලීම රක්ෂණ වෘත්තිකයන්ගේ වගකීමක් බවයි.