ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජනාධිපති අපනයන 25 වැනි සම්මාන උලෙළේදී 2021/22 සහ 2022/23 මූල්‍ය වර්ෂවල පොල් මද ආශ්රිත නිෂ්පාදන ක්ෂේත්රයේ හොඳම අපනයනකරු සම්මානය දිනා ගැනීමට නෙස්ලේ ලංකා සමාගම සමත් විය.
අඛණ්ඩව වසර තුනක් පුරාවට පොල් මද ආශ්රිත නිෂ්පාදන ක්ෂේත්රයේ හොඳම අපනයනකරු ලෙස සම්මානයට පාත්රවීම තුළින් නෙස්ලේ ලංකා සතු නොසැලෙන අධිෂ්ඨානය සහ කැපවීම වඩා හොඳින් පිළිබිඹු කෙරෙන අතර සිය ව්‍යාපාර මෙහෙයුම් තුළින් අපනයනය හරහා ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ධනාත්මක දායකත්වයක් දැක්වීමට හැකිවීම ගැන සතුටට පත් වන බව නෙස්ලේ ලංකා කළමනාකාර අධ්යක්ෂ බර්නාඩ් ස්ටෙෆාන් ප්‍රකාශ කරයි. වසර 115ක් වියැති නෙස්ලේ ලංකා සමාගම ගුණාත්මක බවින් යුතු ආහාර සහ පාන නිෂ්පාදන පෙළ හරහා ළමා හා වැඩිහිටි විය දක්වා පුළුල් පරාසයකින් පාරිභෝගිකයින්ට සමීප වී ඇත.