බස්නාහිර පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය මගින් සංවිධානය කරන ලද “විශ්වාභිනන්දන කලාකරු උපහාර” උලෙළේදී ප්‍රවීණ ඡායාරූප කලාවේදියකු වන සුනන්ද කෝදාගොඩ “විශ්වාභිනන්දන” රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබීය.
බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස් රොෂාන් ගුණතිලකගේ සහ බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ප්‍රදීප් යසරත්නගේ ප්‍රධානත්වයෙන් 2023 වසරේ “විශ්වාභිනන්දන කලාකරු උපහාර උලෙළ” පසුගියදා පැවැත්වුණේ බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදීය.
ඡායාරූප ක්ෂේත්රයෙහි දක්වන ලද නිපුණතාව හා එම ක්ෂේත්රයෙහි ප්රගමනය වෙනුවෙන් දක්වන ලද දායකත්වය අගයමින් බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා සුනන්ද කෝදාගොඩ හට මෙම සම්මානය පිරිනමන ලදී.