රාජ්‍ය නාට්‍ය උලෙළ හා ඊට සමගාමීව පැවැත්වෙන රාජ්‍ය නාට්‍ය සම්මාන ප්රදානය 19 වෙනිදා ප.ව. 6.00 ට ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ගේ ප්‍රධානත්වයෙන් මහරගම, ජාතික තරුණ සේවා සභා රඟහලේ දී පැවැත්වේ. බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන රාජ්‍ය නාට්‍ය සම්මාන ප්රදානෝත්සවය බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය, රාජ්‍ය නාට්‍ය උපදේශක සභාව එක්ව සංවිධානය කරන අතර කෙටි හා දිගු වේදිකා නාට්‍ය වෙනුවෙන් රාජ්‍ය සම්මාන 60ක් සහ ජාත්‍යන්තර සම්මානලාභීන් සඳහා ඇගයීම් සම්මාන 05ක් පිරිනැමීමට නියමිත අතර මෙහිදී නාට්‍යවේදියෙකු ලෙස ජීවිතයේ එක් වරක් පමණක් පිරිනමන නාට්‍යකීර්ති සම්මානය, සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රට හා එම්.එම්. රාවුෆ් (කලෙයිවේල්වම්) ට පිරිනැමේ.
රාජ්‍ය නාට්‍ය සම්මාන ප්රදානෝත්සවය 19 දා
731
previous post