ශ්‍රී ලංකා රතු කුරුස සමාජය කොළඹ ශාඛාව මඟින් පාසල් කනිෂ්ඨ රතු කුරුස සාමාජිකයන් (500) පන්සියයකට පදක්කම් පැලඳවීම පසුගියදා සිදු කෙරිණි.
ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ ජේෂ්ඨ උප සභාපති ජගත් අබේසිංහ ප්‍රධානත්වයෙන් හෝමාගම පිටිපන ජයවර්ධනපුර විශ්ව විද්‍යාලීය ශ්‍රී සෝරත ශාලාවේ මෙම උත්සවය පැවැත් විය.
මේ සඳහා පසුගිය දා පැවැත්වූ මූලික විභාගයට කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් (44) හතලිස් හතරක් නියෝජනය කරමින් සිසුන් (2000) දෙදහසකට ආසන්න සංඛ්‍යාවක් පෙනී සිට ඇත.
එම අවස්ථාවට මධ්‍යම පාලක මණ්ඩල සාමාජික උපාලි සිරිමාන්න මහතා, ආචාර්ය අමිල කංකානම්ගේ මහතා, අධ්‍යාපන අමාත්‍යාංශයේ විෂය සමගාමී මාර්ගෝපදේශක නියෝජ්‍ය අධ්‍යක්ෂිකා නිරෝෂා කන්නන්ගර, ප්‍රවර්ධන කළමනාකරු මනෝජ් රුද්‍රිගු, කොළඹ කොට්ඨාස අධ්‍යාපන අධ්යක්ෂවරු සහ ශාඛා සංවර්ධන අධ්‍යක්ෂිකා කුමාරි කොතලාවල ද කොළඹ ශාඛා කමිටුවේ සාමාජිකයෝ ද එක් වූහ.