Home » ආගමික වැරැදි විමර්ශනයට වෙනම පොලිස් ඒකකයක්

ආගමික වැරැදි විමර්ශනයට වෙනම පොලිස් ඒකකයක්

by Mahesh Lakehouse
December 16, 2023 12:30 am 0 comment

සමාජ මාධ්‍ය භාවිත කරමින් සිදු කරන ආගමික වැරැදි මෙන්ම ආගම් අතර සංහිඳියාව බිඳ හෙළන ආකාරයේ වැරැදි මත පතුරුවන සිදුවීම් විමර්ශනය සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පවත්නා පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට අනුයුක්තව වෙනම ඒකකයක් පිහිටුවීම වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් මත පසුගියදා සිදු කෙරිණි.

ඒ අනුව එම ඒකකය මඟින් ෆේස්බුක්, යූටියුබ් ඇතුළු සියලුම අන්තර්ජාල සමාජ මාධ්‍යයන්හි සංසරණය වන ආගමික වැරැදි සිදුවීම් විමර්ශනය සිදු කරන බවත් එම ඒකකය වෙත පැමිණිලි ඉදිරිපත් කිරීමට මේ වන විට මහජනයාට හැකියාව ඇති බව ද පොලිසිය සඳහන් කරයි. ඒ සඳහා පැමිණිලි ඉදිරිපත් කිරීමට 011-2300637 දරන දුරකථන අංකයෙන්ද 011-2381045 දරන ෆැක්ස් අංකයෙන් සහ ccid.religious@police.gov.lk විද්‍යුත් තැපැල් ලිපිනයෙන්ද මහජනයාට හැකියාව ඇති බව ද පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

අමිල මලවිසූරිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division