ලෝකයේ වෙළඳ පද්ධතිය බොහෝ දෙනා කල්පනා කරනවාට වඩා බෙහෙවින් බිඳෙන සුළුය. කුරුස යුද්ධ සහ බ්‍රිතාන්‍යයේ, අත්ලාන්තික් සාගරයේ සටන ඇතුළු වෙළෙඳ ව්‍යසනය පිළිබඳ සියුම් ඉතිරි වූ මතකයක් අපට ඇත. කෙසේ වෙතත්, ගෝලීය වෙළඳාමෙන් සියයට 95 ක් පමන මුහුදෙන් සිදු වන පසුබිමක් තුළ, අප කෙතරම් අවදානමට ලක්ව සිටිනවාද යන්න අපි නොදනිමු. ගාසාහි සටන කලාපීය ගැටුමක් බවට පත්වීමේ අවදානම් සහගත තත්වය තුළ අපි නොපමාව මේ යථාර්තයට මුහුණ දිය යුතුය. ලෝක වෙළඳාමෙන් සියයට 90 ක් ගමන් කරන රුධිර ධමනි ක්‍රමයෙන් අවහිර වෙමින් පවතී. ඇතැම් විට මෙය ස්වභාවික බලවේගයන්ගේ ප්රතිඵලයකි. මුහුදේ ව්‍යාපාර කිරීමේ අවාසනාවන්ත හා නොවැළැක්විය හැකි අවදානමකි. කෙසේ වෙතත්, ලොව විවිධ කලාප තුළ, වර්ධනය වන භූ දේශපාලන ආතතීන් හමුවේ ගෝලීය වෙළෙදාම අවදානමට ලක් වෙමින් පවතී.
ලෝකයේ නැව්ගත කිරීම් සාගරයේ මර්මස්ථාන (chock points) කිහිපයක් ඔස්සේ දිව යයි. මේවා එකින් එක වැසී යාමේ අවදානමක් දැන් දැන් උද්ගතව තිබේ. දැන් ලැයිස්තුවේ ඉහළින්ම සිටින්නේ යේමනය, ජිබුටි සහ එරිත්‍රියාව අතර රතු මුහුදේ පහළින් පිහිටා ඇති බාබ්-එල්- මන්ඩෙබ් නොහොත් වේදනාවේ දොරටුවයි (Gate of Grief). මේ වසරේ ඔක්තෝබර් 7 දා සිට, වයඹ දිග යේමනයේ ඉරානයේ ඉරානයේ සහාය ලත් හවුතිවරු නාවික යාත්‍රාවලට ගොඩවීම, මිසයිල ප්‍රහාර සහ සිවිල් නැව් ගමනාගමනයට ඩ්‍රෝන ප්‍රහාර එල්ල කිරීම ඇතුළු ප්‍රහාර මාලාවක් දියත් කර ඇත. මේ දක්වා නැව් හතරකට මිසයිල ප්‍රහාර එල්ල වී ඇති අතර, නෝර්වේජියානු එම්ටී ස්ට්රින්ඩා නෞකාව මේ සතියේ ප්‍රහාරයකට ගොදුරු විය. පෙර දිනයේ තවත් මුහුදු කොල්ලකෑමේ උත්සාහයක් ව්‍යර්ත කරනු ලැබූයේ ඉන්ධන ටැංකියක නැඟී සන්නද්ධ ආරක්ෂකයන් කුඩා බෝට්ටුවක් සමඟ වෙඩි හුවමාරු කර ගැනීමට පින්සිදුවන්නට ය. වාසනාවකට මෙන්, තවමත් කිසිවකුට හානියක් සිදුවී නොමැත. කෙසේ වෙතත්, මෙය දිගටම පැවතුණහොත්, නුදුරේදී නැවක් ගිලී යා හැකි අතර නැවියන් ද මිය යනු ඇත.
ගෝලීය වෙළඳාම අනතුරේ
637
previous post